ශලනි උපන්දිනයට ආදරය අරන් දුෂ්කර පාසැලකට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිනියක්නේ. ඇය ගැන මේ දිනවල හැමෝම කතා කරන්නේ සිරස නාලිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය හරහායි. ඒ වගේම පසුගිය දා විකාශනය ආරම්භ කළ හීනයකි මේ ආදරේ ටෙලි නාට්‍ය තමයි ශලනි රංගනයෙන් දායක වුණු අළුත්ම ටෙලි නාට්‍යය. 

කොහොම වෙතත් පසුගිය දිනෙක ශලනිගේ උපන්දිනය යෙදී තිබුණා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් ශලනි වෙනස්ම වැඩක් කරලා තිබුණා. ඇය දුෂ්කර පාසැලක ඉගෙනුම ලබන දරුවන් රැසකට පාසැල් උපකරණ බෙදාදීමක් උපන්දිනය වෙනුවෙන් සිදු කර තිබුණා. මේ ගමනට ඇගේ මිතුරියන් වන ගීතිකා රාජපක්ෂත් ධනංජි තාරුකාත් එකතු වෙලා තිබුණා. 
එහි ඡායාරූප කිහිපයක් පහතින්..