ෂූරප්පර පිටුපස කතාව ගැන කියන සමීර වීරවර්ණ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමීර වීරවර්ණ කියන නම නම් ඔබට ඒ තරම් හුරුපුරුදු නැතුව ඇති. ඊට හේතුව කාලයක් ඔහු නිර්මාණ කාර්‍යයෙන් බැහැරව සිටීම. ඒ කොහොම නමුත් 'මට ඔයා මගේ පණ වගේ' කියන ගීතය ඔබට මතක ඇති. ඒ හරහා ඔහු ලද ජනප්‍රියත්වය අදටත් ඒ වගේමයි. ඔන්න ඉතින් ඔහුගේ අලුත් නිර්මාණයක් අපිට දකින්න ලැබුණා. තරමක් වෙනස් ,ආදරණීය නිර්මාණයක් ඒක. “ෂූරප්පර”

ඒ වගේම තමයි මේ නිර්මාණය පිටුපස කතාවකුත් තියෙනවා. ඔහුම සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ ගැන මේවිදියට සටහනක් තබා තිබුණා.

“ෂූරප්පර” කියන වචනේ ප්‍රතික්ෂේප වෙලා අවු 16ක්0 අද මට ගොඩාක් සතුටු දවසක්, අවුරුදු ගාණකට පස්සේ මං Song එකක් අළුතෙන් කරන්නේ හරිම වේදනාවක් හිතේ තියාගෙන. Hit වෙයිද Trending වෙයිද මං දන්නේ නෑ.. අපේ ආදර කතාව මං ලියන්න ගත්තා positive විදියට. අවුරුදු ගාණක් පරක්කුවෙලා හරි ආයෙත් වටිනාකමක් ආවා අපේ විතරක් වෙච්ච ආදරණීය ආමන්ත්‍රණයට “ෂූරප්පර” Trending ඇවිත්. මූණට මූණ ලං කරන් “සුදු නංගි පණ, සුදු නංගි පණ” කියලා හුස්ම අල්ලන් දිගින් දිගටම කිව්වාම හැදිලා කියවුනු වචනේ “ෂූරප්පර” හමුවෙච්ච මුල්ම දවසේ ලියපු මේ song එක ඔයාත් දැක්කොත් දකින්නේ Trending 02 විදියට..

අද වාගේ අපි ආයේ හමුවෙන්න ඕනේ
හමුවෙද්දි පෙර වාගේ හිනැහෙන්න ඕනේ
තරු වාගේ දිලිසෙන්න ඇස් කැල්ම ඕනේ
මට ආදරේ හිතුන ඒ බැල්ම ඕනේ..

ෂූරප්පර ෂූරප්පර ෂූරප්පර ෂූරප්
ෂූරප්පර ෂූරප්පර ෂූරප්පර ෂූරප්..

මතකේ තියෙයි ඇඳිලා තියෙයි
සිහිනෙන් වගෙයි මැවිලා පෙනෙයි
කවදා නමුත් ආයේ හමුවෙනවාමයි
හමුවෙද්දි ඒ රහස පවසනවාමයි..

සඳසේ දිලෙයි සුසුමේ රැඳෙයි
සුවසේ දැනෙයි හිත නිවුනා වගෙයි
තරු රෑනේ ඇවිදින්න ඔබ ඕනෙමයි
මගේ ලෝකෙ ඔබ නේද මං ආදරෙයි.."