ස්ටෙෆනිගේ ආදරණීය පියා ගැන, දුෂ්‍යන්ත් කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායන ශිල්පි දුෂ්‍යන්ත් වීරමන් සහ ඔහුගේ ආදරණීය බිරිඳ ස්ටෙෆනි කියන්නෙ කාගෙත් ආදරය දිනූ තරු යුවළක්. නිර්මාණ හරහා දෙන්නා ලබන ආදරය වගේම සමාජ මාධ්‍යය ඔස්සේත් ඔවුන් ලබන්නේ අසීමිත රසික ආදරයක්. ආකර්ෂණයක්. මේ දෙන්නා ගැන අපි මෙහෙම කිව්වෙ දුෂ්‍යන්ත් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබූ ආදරණීය සටහනක් නිසයි.

ඔහු ඒ සටහන තබා තිබුණේ ස්ටෙෆනිගේ පියාගේ උපන්දිනය නිසාවෙන්.

"මගේ ආදරණීය මාමණ්ඩියට බොහෝ ප්‍රීතිමත් දිනයක්. ඔබ මගේ ජීවිතයේ මට හමු වූ කාරුණික හා අවංක මිනිසුන්ගෙන් කෙනෙකි. මම දන්නවා ඔයාගේ දුවට ඒක ලැබෙන්නේ කොහෙන්ද කියලා. ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම ඔයාට ගොඩක් ආදරෙය්! සුභ උපන්දිනයක් සිරි මාමේ!

මේ සටහනත් එක්කම සොඳුරු ඡායාරූපයක් ද ඊට එකතු කරගෙන තිබුණා...

"Many happy returns of the day to my dearest father-in-law. you are one of the kindest and sincere people I have ever met in my life. I know where your daughter gets it from. I wish you all the very best and the best of health. I love you very much! Happy birthday uncle Siri! "