සුරූපී නිළි උදාරි වර්ණකුලසූරිය තම දියණිය ගැන කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමාන සිංහල සිනමාවේ වඩා කැපී පෙනෙන රංගන ශිල්පිනිය වන්නේ උදාරි වර්ණකුලසූරියයි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හරහා කලාවට පැමිණි ඇය දැන් ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් චිත්‍රපටි හතකම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි.

උදාරි විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක් සමඟ බව කවුරුත් දන්නා කියන දෙයක්. ඇය එක් දියණියකගේ මවක්. ඇය දියණිය ගැන අපට පැවසුවේ මෙසේයි.

"දැන් මගේ උසටම හරියන්න උස දුවෙකුත් ඉන්නවා මට. දුවගේ නම ශෙනාර්යා උමේලි විජේරත්න. දුව ඉපදුණේ සිංගප්පූරුවේදි. එයා අවුරුදු හතක් වෙන තෙක් ලංකාවේ මං එක්ක හිටියා. මගේ රූපගත කිරීම්, හඬ කැවීම් සියල්ල ගැන ඇයට හොඳ අවබෝධයක් තියෙනවා. එයා දන්නවා එයාගෙන් විය යුතු දෙය සහ නොවිය යුතු දෙය මොකක්ද කියන එක. මගේ දුවට දැන් අවුරුදු නවයක්. ඒ වයසට ඉතාම හොඳ අවබෝධයක් තියෙන දරුවෙක් එයා."