නාඩගම්කාරයෝ පොඩි හාමුදුරුවන්ගේ චරිතයට රඟපාන සචින්ත මංගල ගමනට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචින්ත රන්දිප පෙරේරා මේ නමදැක්කම ගැමෝම හිතන්න පුළුවන් අනේ මේ කවුද අපි මෙයාව දන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. නමුත් ඇත්තටම මේ මුළු ලංකාවම වගේ දන්නා කියන වගේම ආදරේ කරන චරිතයක්. ඒ මෙය නිසයි. ඔහු මේ වෙද්දී රංගනයෙන් දායක වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය නිසා. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයට රංගනයෙන් දායක වනු ලබන්නේ ඔහුයි. ඒ නිසා ඔහු ගැන හැමෝම වගේ මේ වෙද්දී කතාකරනවා. ඒ ඔහුගේ හැකියාව දක්ෂතාවය නිසාවෙන්.

නාඩගම්කාරයෝ පොඩි හාමුදුරුවෝ කතාව තුල ඉතාමත් නිවිච්ච තැන්පත් චරිතයක්. දුටු විගසට හැගෙන්නේ ඇත්තම හාමුදුරුනමක් කියා. නමුත් ඒ රන්ගනයක්පමනයි. ඒ තරමටම තාත්විකව ඒ රංගනයට ඒ චරිතයට ඔහු උපරිම සාධාරණයක් කරනවා. ඒ වගේම බොහෝ දෙනා රැවටිලා ඇත්තම හාමුදුරුනමක් කියලා හිතලා වැදලා ගිය අවස්ථා තියෙන බවද සචින්ත කියා සිටියා.ශුටින් බලන්න එන අය පවා හිතන්නේ ඇත්ත හාමුදුරු නමක් කියලා තමයි කියලා සචින්ත කියනවා.

ඔහුට තවමත් වයස අවුරුදු 22යි. ඒ වගේම් උසස් අධ්‍යාපනය හදාරනු ලබනවා.වත්තලදී උපත ලද ඔහු මේ වෙද්දී දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා.ඔහුගේ පවුලේ අම්මා තාත්තා ආච්චි අක්කා සහ ඔහු තමයි ඉන්නේ. කලාවට ලොකු සම්බන්ධකමක් පවුලට නැති බවයි ඔහු කියන්නේ. රංගනයට වගේම ඔහු ගායනයටත් දක්ෂයි කියලා කියනවා. වොයිස් ට්‍රේනින් කරන බවද ඔහු කියා සිටියා. ඒ වගේම සැබෑ ජිවිතයේදීද ඇත්තටම මහන වෙන්න බෞද්දයෙකු වශයෙන් කැමති බවද ඔහූ කියා සිටියා. නමුත් අම්මා එහෙම කියද්දී දුක් වෙනවා ගෙදරට ඉන්න එකම පුතා මමනේ.

මට ශද්දා සර් නිසා තමයි නාඩගම්කාරයෝ එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනේ. ස්ක්‍රීන් ටෙස්ට් එක තිබුනෙත් ඔන්ලයින්. මුලින් බයක් තිබුනා මේ වගේ චරිතයක් කරන්න. ඒත් පස්සේ හරිගියා අම්ම අන්තිමටම ඉගෙන ගන්නේ පිරිවෙනේ එකේදී මට හාමුදුරුවන්ගේ ඇසුර ලැබුනේ, ඒක ලොකු ශක්තියක් වුනා. හැමෝම ගොඩක් උදවු කරා. වෙලාවකට වැඩිමල් අය ඇවිත් වදිද්දී මට පවු පිරෙයි කියලා බයයි කියලද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් ඔහුගේ විශිෂ්ට රංගනය ගැන හැමෝම දන්නවා. පොඩි හාමුදුරුවෝ ලෙසින් හදුන්වන ඔහු මංගල ගමනට හැඩවී කරපු ෆොටෝ ශුට් එකක් මේ වෙද්දී සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා. බොහෝ දෙනා හිතන්නේ ඔහු ඉවහ වෙලා කියලා, එත් මේක ශුට් එකක් විතරයි.