පරම්පරාවේ නම රැක ගන්න ජනගහනය වැඩි කරන්න කියලා, තරගෙට වර්ගයා බෝ කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා අවසන් වූ ළංවී ටෙලි නාට්‍යයේ "අපූර්වා" ලෙසින් ඔබට සමීප වූ හර්ෂි රසාංගා කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. රංගනය, ගායනය වගේම තමයි ඇයට අපූරුවට ලියන්නත් පුළුවන්. මේ සටහනත් ඇය එලෙස තබන ලද සටහනක්.

"පරම්පරාවේ නම රැක ගන්න, ජනගහනය වැඩි කරන්න කියලා තරගෙට වර්ගයා බෝ කරනවා. ඒත් අපිට ඒකෙන් ලැබෙන්නේ මොනවද?

දරුවෝ නැති අම්මලා තාත්තලාට කීදෙනෙක් කොච්චර දේවල් කියනවද? ඒත් එයාලා කොච්චර වාසනාවන්තද කියලා කවුරුත් දන්නේ නෑ.
පොඩ්ඩක් හිතන්න.

අපි තවත් ජීවිතයක් මේ ලෝකෙට දෙනවා. ජීවිතය කියන්නේ ඉපදුන දවසේ ඉදලම මැරෙන දවස වෙනකන් දුක වේදනාව විතරයි.
ඒ විතරක් නෙවෙයි.

දරුවෝ නිසා දෙමාපියන් කොච්චර විදවනවද? දරුවෝ පාසලට ගියත් ආයෙත් ගෙදර එනකන් අම්මා කෙනෙක් කොච්චර පිච්චි පිච්චිද ඉන්නේ? දරුවන් ආස දේවල් අරන් දෙන්න සල්ලි නැති වුනාම තාත්තලා කොච්චර විදවනවද?

ඇයි තව තියෙනවා.

දරුවෙක් ලෙඩ වුනාම, තුවාලයක් වුනාම, කවුරුහරි බැන්නම, යාළුවෝ තරහා වුනාම, etc, ඒ දරුවා කොච්චරනම් විදවනවද? ඒ දරුවා දුකෙන් ඉන්න කොට දෙමාපියන් කොච්චර විදවනවද?

මං කියන්නේ හැමෝටම දරුවෝ හදන්න එපා කියලා නෙවෙයි. මං මේ දේ කිව්වේ ලෝකෙන් සුළු පිරිසකට. එයාලා මේක දැක්කොත් එයාලට තේරෙයි. ඔයාට මේක පිස්සුවක් වගේනම් ඔයා තාම mission එකේ මුල ඉන්නේ.

Universe එක අපිට මේ දෙන්නේ mission එකක්. ඒ mission එකෙන් අපිව fail කරන්න ගොඩක් distractions අපිට ලැබෙනවා. ඒවා හරියට manage කරගන්න පුළුවන්නම් අපිට ආයෙත් ඒ mission එක complete කරන්න ඕන වෙන්නෙ නෑ කවදාවත්.

ජීවිතයේ බැදීම් නැති කරගන්න කලින්, අලුත් බැදීම් හදාගන්න එක නවත්තන්න.

- harsh - "