මවාගත්ත රූපයක් නැතුව අවංකව ඒ අයගේ ජීවිතය බෙදාගන්න පුළුවන් - Happy Hour ගැන යුරේනි නොෂිකා කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සතිඅන්තයේ විකාශය වන රූපවාහිනී වැඩසටහන් අත‍රින් මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහනක් හැටියට හඳුන්වන්න පුළුවන් හිරු නාළිකාවේ විකාශය වන Happy Hour වැඩසටහන. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන යුරේනි නොෂිකා මේ වැඩසටහන මෙහෙය වන්නේ...

යුරේනි මතක වෙනත් නාළිකාවක වඩසටහනට සහභාගි වෙලා තිබුනා. එහිදී නිවේදකයන් යුරේනිගෙන් ඇය මෙහෙයවන Talk show එක ගැන විමසනවා. යුරේනි Happy Hour වැඩසටහන ගැන මෙසේ පවසනවා.

"විවේචන අනිවාර්‍යෙන්ම එන්න ඕනේ. විවේචන කියන්නේ යම් ආකරයකට feedback එකක්. මේ Talk show එක පටන් අරගෙන මට ඕනේ වුණේ වෙනස් විදිහේ දෙයක් කරන්න. මොකද අපි දැන් ජීවත්වෙන ලෝකේ හරි වෙනස්. ඉස්සර වගේ සාම්ප්‍රදායික ප්‍රශ්න මිනිස්සුන්ගෙන් අහනවාට වඩා සමාජෙට විහිළුවක් එක්ක හාස්‍යයක් එක්ක සමාජගත කරන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. මිනිස්සු හංගගෙන ඉන්න හදන දේවල් ටිකක් තියෙනවා. මට ඕනේ වුණේ ඒ ටික හාස්‍යයත් එක්කම සමාජෙට කියන්න.

මේ වැඩසටහනට එන මිනිස්සුන්ට විශේෂයෙන් තමන් වෙලා හැමදේම අමතක කරලා රිලැක්ස් එකේ මවාගත්ත රූපයක් නැතුව අවංකව ඒ අයගේ ජීවිතය බෙදාගන්න ගමන් මිනිස්සුන්ටත් ආදර්ශයක් දීලා හිනාවෙලා ඉන්න පුළුවන්. ඒකයි ඒ වැඩසටහනට Happy Hour කියන්නේ. මට ඕනේ වුණේ මේ Talk showවලට වෙනමම සංකල්පයක් එළියට දාන්න. ඒක සමහරු භාර අරගෙන තියෙනවා. සමහරු භාර අරගෙන නැහැ. අපිට හැමෝම සතුටු කරන්න බැහැ. මනුස්සයෙක් විදිහට අපිට හැමෝම කැමැති වෙන්නේ නැහැ."