කතාබහට තුඩුදුන් රජා මං වහලා නාට්‍ය කත්මණ්ඩු යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය වන රජා මං වහලා වේදිනා නාට්‍ය පසුගිය දා එම නාට්‍ය උළෙල සඳහා දිවයිනෙන් පිටව ගියා. කත්මණ්ඩු නුවරට ළඟා වුණු පසු මෙම නාට්‍ය කණ්ඩායමට එහිදී උණුසුම් පිළිගැනීමක්ද ලැබී තිබෙනවා.

පසුගිය කාල සීමාවේදී මේ නාට්‍ය පිළිබඳව රටේම කතාබහට ලක්වුණා. ඒ් මෙම නාට්‍ය කණ්ඩායම අදාළ නාට්‍ය උළෙලට යාමට සඳහා රජයෙන් යම් අනුග්‍රහයක් ඉල්ලා තිබුණු අතර එයට යහපත් ප්‍රතිචාරයක් සංස්කෘතික අමාත්‍යංශ‌යෙන් නොලැබීමත් සමගමයි.

ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්ත අධ්‍යක්ෂණය කළ රජා මං වහලා වේදිකා නාට්‍ය 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය නිෂ්පාදනය ඇතුළු සම්මාන රැසක් දිනාගනු ලැබුවා.