ශලනිගෙන් සුභ ආරංචියක් - නාට්‍ය වලින් ඉවත් වුණ ඇත්තම හේතුව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශලනි කියන්නේ මේ වන විට ජනාදරයට පත්වී සිටින සුපිරි නිළියක්. ශලනි තාරකාට පසුගිය දිනයක කොවිඩ් වැලඳුනා. ඒ අතරතුර ඇය රංගනයෙන් ඉවත් වෙනවා කියලා කිව්වා. ඒ වගේම සමහර නාට්‍ය වලින් ඇය ඉවත් වී තිබෙනවා.

ඒ එම නාට්‍ය නිෂ්පාදන වල දී සිදු වූ යම් යම් අපහසුතා නිසා කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ ස්නේහාට පන දෙන්නේ  ශලනි තාරකා  මෙම නාට්‍යද අතරමඟ නතර කිරීමට සිදුවන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළම තත්වයක තිබියදී. නමුත් එහි  ආර්ථික වාසිය සහ ලාභ ප්‍රයෝජන ගැන නොසිතා කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ රංගන ශිල්පීන් සහ එහි නිෂ්පාදක මඩුල්ල ගැන සිතා සිරස මාධ්‍ය ආයතනයේ නාලිකා ප්‍රධානී සුසාර දිනාල් මහතා සහ කාර්ය මණ්ඩලය  නාට්‍යය නැවැත්වීමට  තීරණය කරනවා.

ඒ කොවිඩ්  වසංගතය හේතුවෙන්. නමුත් සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නැවතත්  තාරුණ්‍යයේ හිත් වලට කතා කරන මහේෂ් සත්සර තිර රචනයෙන් හා ප්‍රේක්ෂක ජනාදරයට පත්ව සිටින තරුණ දක්ෂ අධ්‍යක්ෂකවරයකු වූ ධනුෂ්ක රත්නායකයන්ගේ 
සුසංයෝගයෙන් හැඩ වුණු කියාදෙන්න ආදරේ තරම් නාට්‍යය ප්‍රේක්ෂකයන් අතරට එනවා.

ඒ සමගම ශලනි තාරකා ද රංගනයෙන්  දායක වෙනවා. පෙර තිබූ තත්වයන් අභිබවා යමින් යූටියුබ් ජනප්‍රිය වැඩසටහන් දර්ශකයේ ඉහළින්ම (youtube trending) තැබිමට කියා දෙන්න ආදරේ තරම්  නාට්‍යයට හැකිවී තිබේනවා.ශලනි තාරකා ඇගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් කියා තිබුනේ සිරස ආයතන විසින්  නිසි වෙලාවෙදි ගත්ත නිවැරදි තීරණ නිසා නොබියව මා නැවතත් රංගනයෙන් දායක වන බවයි. එයට සිරසට ස්තුතියි කර තිබුණා.