ඇන්තනි පවුලේ හැමෝම එකතුවෙලා චුටී දෝනි සකීගේ දෙවැනි උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිරි සිනා පුංචි පැටියෙකුගේ හිනාවක් කියන්නේ හැම දුකක්ම වේදනාවක්ම නැති කරන හරිම ආදරණිය දෙයක්. ඉතින් පුංචි පැටියෙක් ගෙදර ඉන්නවා කියන්නේ හරිම සිරියාවන්තයි. ඒ ගෙදර හරිම සුන්දරයි. ඉතින් කලා ලෝකයේ ආදරය දිනාගත් සුවිශේෂී කලා පවුල් තියෙනවා. ඒ අතරින් මුළු ලංකාවම දන්නා හදුනන ඒ වගේම හැමෝගෙම ආදරය දිනු පවුලක්. ඒ තමයි ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ ආදරණිය පවුල ඔහු ගැන කියන්න තියන දේ නම් බොහොමයි. 

 ඔවුන්ගේ පුංචි පවුලේ දරු තිදෙනෙකු සිටිනවා. ලොකු දුව මාධවී ලොකු පුතා අකිල සහ පොඩි පුතා සජිත මේ තිදෙනාම දැන් කලා ලෝකයේ නම් දැරූ දක්ෂයින් බවට පත්වී හමාරයි.

මේ දරු තිදෙනා විවාහ වෙන්නේද එකම දිනක. ඉතින් මේ අක්කලා මල්ලිලාගේ සහෝදර බැඳීම අති විශිෂ්ටයි . ලේලියන් තිදෙනාත් ජැක්සන් මහතාගේ දුවරුන් හා සමානයි. ඉතාමත් සතුටින් ආදරයෙන් සහයෝගයෙන් ඔවුන් ජීවත්වෙනවා. ජැක්සන් ඇන්තනි මහතා සියා කෙනෙකු කරමින් පවුලට පළමු වරම එකතුවන්නේ මිනිබිරියක් . ඒ ආදරණිය ලොකු පුතා අකිලගේ දියණිය සකී ආරන්‍යා ඇය නිසා ඇන්තනි පවුලම ඉන්නේ හරි සතුටින්. පුංචි දෝනි ඉපදෙන්නේ අම්මගේ තාත්තගේ පළමු විවාහ සංවත්සරය දවසේ වීම තවත් වැදගත්. පසුගියදා දෝනිගේ උපන්දිනය සමරා තිබුනා. එහි විශේෂ අවස්ථා කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.