ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ, දැන් තත්වය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දෙවැනි දා රාත්‍රි 9:30 ට පමණ අනුරාධපුර තලාව ප්‍රදේශ්යේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගධර ජැක්සන් ඇන්තනීට පෙරේදා කොළඹ ජාතික රෝහලේදී පැය 7ක ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.
 
ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ බෙල්ලෙ පසුපස කොටසේ කශේරුකාවන්හි සිදුව ඇති හානිය සකස් කිරීම සඳහායි.
 
අද උදෑසන 9 ට පමණ ශල්‍යාගාරයට ගැනුණු මෙම ප්‍රවීණ රංගන ශිල්පියාගේ සැත්කම නිමාවී ඇත්තේ සවස හතරට පමණ බව ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළා.
 
මේ වන විට සැත්කමෙන් අනතුරුව රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවත් ඔහුව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් වාර්තා වනවා..

කෙසේ වෙතත්  හෙට දිනය තුළදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවයි අප වෙත අදහස් දැක්වූ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
 
මෙම අනතුරෙන් රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ ඉල ඇටවලට තදබල හානි සිදුවී තිබෙනවා.
 
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ඔහුගේ සහෝදරයකු වන සමන් ඇන්තනී සහ තවත් පුද්ගලයෙකු සමඟ තලාව ප්‍රදේශයේ පැවති චිත්‍රපට රූගත කිරීමක් සඳහා සහභාගි වී අනුරාධපුර දෙසට ගමන් ගනිමින් සිටියදී පසුගිය 2 වැනිදා රාත්‍රී 9.30 ට පමණ මෙලස අනතුරට ලක්ව තිබුණා.
 
ඒ ඔවුන් ගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටීමෙන්.
 
කැබ් රථයේ ගැටුණු අලියා එම රථය මතට පෙරළීමෙන් කැබ් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබුනා. 
 
අනතුරෙන් පසුව වහාම ජැක්සන් ඇන්තනි ඇතුළු පිරිස් අනුරාධපුර රෝහල වෙත යොමු කළ අතර පසුව ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහල වෙත යොමු කෙරුණේ ඔහුගේ බෙල්ලේ පසුපස කශේරුකා සම්බන්ධ ශල්‍යකර්මය සිදුකිරීම සඳහායි.