ජැක්සන් – හේමාල් – උදාරි රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” ලාංකීය සිනමාපටයේ පළමු – පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් වුනා.

මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කුසපබා, පත්තිනි, බිම්බා දේවි හෙවත් යශෝදරා, විජයබා කොල්ලය වැනි මෑතකාලයේ ජනප්‍රිය වූ සිනමාපට රැසක් නිර්මාණය කළ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනුයි. 2019 වසරේදී තිරගත වූ “විජයබා කොල්ලය”ට පසුව තිරගත වන ඔහුගේ නවතම නිර්මාණය මෙයයි.

මෙරට සිටි විශිෂ්ට ගත් කතුවරයෙකු වන සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය සහ නවකතාව අතරෙ හි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම තිබෙන බවත් පැවසෙනවා.

මීට වසර 2කට පෙර 2021 ජනවාරි මාසයේදී “ක්ෂීර සාගරය කැළඹිණ” චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුනු අතර සිංහල කතානාද සිනමාවට වසර 74ක් සපිරීම ද එහිදී උත්සවාකාරයෙන් සැමරුවා. චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹුනේ ඉන් දින කිහිපයකට පසුවයි. මෙහි දර්ශන බහුතරයක් රූගත කළේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන පරිශ්‍රය ආශ්‍රිතවයි.

පහත සබැඳිය ඔස්සේ ඔබට මෙහි පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.