දළදා පෙරහැරේ නටන නාඩගම්කාරයෝ නාට්‍යයේ රාළහාමි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල බාල - මහලු වයස් භේදයකින් තොරව හැමෝම නරඹන ටෙලි නාට්‍යයක්. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතයේ සිට සුළු චරිත දක්වා හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන් අතරේ අතිශයින්ම ජනප්‍රියයි.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රාළහාමිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ යොවුන් රංගන ශිල්පී දුලංජල පෙරේරා. දුලාංජ රංගන ක්ෂේත්‍රයට එකතු වෙන්නේ වේදිකාව හරහායි. දුලංජල දිගු කාලයක් පුරාවට විශාල කට්ටක් කාලා කලාවට එකතු වුණු කෙනෙක්. දුලංජලගේ ගම නුවර. දුලංජල රංගන ශිල්පියෙක් වගේම දක්ෂ බෙර වාදන ශිල්පියෙක්. මෙවර දළදා පෙරහැරේදී දුලංජල බෙර ගැට බෙරය වාදනය කරන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළින් සංසරණය වෙන්න පටන්ගත්තට පස්සේ තමයි බොහෝ දෙනෙක් දුලංජල බෙර වාදන ශිල්පියෙක් කියලත් හඳුනාගත්තේ.

ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින්.