උතුම් පිංකමක් කළ, පුෂ්පිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"අපේ රට ඉතාමත් දුෂ්කර  කාලයක් ගෙවෙන මේ වගෙ අවස්ථාවක උනත්, අපේ සංස්කෘතිය, දේශීය දේවල් අපි අතරින් ගිලිහෙන්නට නොදී, අනාගත පරම්පරාව සඳහා පවත්වාගෙන යෑම, වැඩිහිටි හැමෝගෙම වගකීමක්."
 
කිරි දාන දෙන එක අපේ රටේ හරි ප්‍රසිද්ධ සංස්කෘතිකාංගයක්නෙ. කවුරුත් කතා කරන ජනප්‍රිය චරිතයක් වන පුෂ්පිකාත් ඔන්න පහුගිය දවසක මේ උතුම් පින්කම සිදුකරලා තිබුණා. ඒ ගැන අපූරු සටහනක් එක්ක හිත නිවන රූ එකතුවක්ද ඇය පළකර තිබුණා.

 "මව් පදවිය කියන්නෙ මේ ලෝකෙ ගැහැනියකට ලබාගන්න පුළුවන් ලොකුම ආශිර්වාදයක්. දස මාසයක් දරුවෙකු කුසේ තියාගෙන හදලා, ඒ දරුවා ඉපදුනාට පස්සේ ලේ කිරි කර පොවලා හදන අම්මා කෙනෙක් කියන්නෙ, කාගෙනුත් වැඳුම් පිදුම් ලබා ගන්න සුදුසු, තව කෙනෙකුට ආශිර්වාද කිරීමට පවා සුදුසු කෙනෙක්.  අපේ සංස්කෘතියෙ, කිරි අම්මාවරුන්ගේ දානයට අතීතයේ ඉඳලා ඉහළ වටිනාකමක් ලැබෙන්නෙ ඒ නිසා.  සම්පූර්ණ සුදු ඇඳුමින් සැරසිලා, උදෑසන කාලයේ දානයට වඩින කිරිඅම්මාවරුන්ට, ඒ දානය සිදු කරන සුවිශේෂ ක්‍රියාපිළිවෙලක් තියනවා. අපේ රට ඉතාමත් දුෂ්කර  කාලයක් ගෙවෙන මේ වගෙ අවස්ථාවක උනත්, අපේ සංස්කෘතිය, දේශීය දේවල් අපි අතරින් ගිලිහෙන්නට නොදී, අනාගත පරම්පරාව සඳහා පවත්වාගෙන යෑම, වැඩිහිටි හැමෝගෙම වගකීමක්. මා විසින් කරන ලද මේ පුණ්‍ය කර්මයේ ආශිර්වාදයෙන් සැමට සෙත් වේවා.! "
- පුෂ්පිකා ද සිල්වා-