දිනේෂ් තරංග සහ “මැණිකේ” ලියපු සතීශාන් හිරු සංවත්සරයට බස් එකේ යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"මා නුඹට පෙම් කළේ" ගීතයෙන් කවුරුත් දැන අඳුන ගත්ත ගායක දිනේෂ් තරංග කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්. ඒ වගේම "මැණිකේ මගේ හිතේ" කියන ලෝකෙම මුමුණන ගීතයේ පද රචකයා තමයි සතීශාන් කියන්නේ. මේ දෙන්නාගේ ඡායාරූපයක් මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ඒ, දිනේෂ් සහ සතීශාන් බස් රථයක නැඟලා එන ඡායාරූපයක්. හිරු 24 වැනි සැමරුම වෙනුවෙන් තමයි මේ දෙන්නා මේ විදිහට බස් රථයකට ගොඩ වෙන්නෙ.

ඒ ගැන දිනේෂ් මුහුණු පොතේ ලියූ කතාවයි මේ..

අපි දෙන්නම බස්වල ගිහින් නැති දෙන්නෙක් නෙමෙයි...
හැබැයි අද මේ බස් එකේ ආව ගමන අපි දෙන්නටම ඉතාමත් විශේෂයි...
ඔයාල ආදරේ කරන මමත්, "මැණිකේ මගේ හිතේ" ගීතයේ සැබෑ හිමිකරු සතීශාන් මල්ලිත් මේ යන්නේ "හිරු Fm" 24 වෙනි උපන්දිනයට සහභාගී වෙන්න
#happybirthday #HiruFM
ඉතින්..........
ජීවිතේ අමාරුයි... ඇත්තටම ජීවිතේ අමාරු කරගත්තා නෙමෙයි, අමාරු කලා. හැබැයි තවම අපි ගමනේ!!!
"හිරු" කියන්නේ අපේ පවුලේ කෙනෙක්. අපේ අය වෙනුවෙන් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්...ඒකෙ ගැටළුවක් නෑ...
ඒත් වෙනස් වෙන්න ඕන දේවල් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන...
යන්න ඕන අහවල් උන් අනිවාර්යයෙන්ම යන්න ඕන...