නොසිතා සිදු වුනා මගෙ අතින් වරදක් – මාධවී ඇන්තනී නිරෝධායනයෙන් පසු කියන සංවේදී කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්. ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා. ඒ චන්දිමාල්ගේ උපන්දින සාදයට සහභාගීවීමේ හේතුව නිසා දින 14ක් නිරෝධායනයට යොමු වීමේ සිදුවීම නිසයි. කොහොම නමුත් මාධවී මේ පිළිබඳව මෙතෙක් නිහඩව සිටියා. කෙසේ නමුත් ඊයේ දිනයේ නිරෝධායනය අවසන් කර බදුල්ල පස්සර සිට නැවතත් කොලඹ එන්නට පිටත්වුණු මාධවී ඇන්තනී බොහොම සංවේදී කවියකින් මේ සිදුවීම ගැන හරි අපුරුවට බොහොම සදහන් කරලා තිබුණා.

ජැක්සන් ඇන්තනී පව්ලේ ලොකු දෝණී
මං කුළුඳුලේ මල්ලිලා දෙන්නෙක්ම වුණී
තිඹිරි ගේ මගේ නව නළු රස පිරුණී
හැකියා තක්සලාවක් ගෙදරම තිබුණී

“කටින් රිදී හැන්දක් ගෙන ආවෙ” කියා
හිතුවට ඇතැම් පෙරහන් ඇස් රවා පියා
අවුරුදු හයේ ළදරුවකුට වෙතැයි සිතා
ගන්නට බැරි තරම් දිවිබර තියේ දරා

කන්දක් නැග්ග පළියට පල්ලම් වේද
නින්දක් ඇහැරිලා බැලුවට එළි වේද
හින්දත් මගේ ගුරු දෙගුරුන් පිං නේද
වැන්දත් අම්මා අප්පච්චි ඇති වේද

ඉස්සර ඉඳං මං උන්නේ ගස් උඩමයි
දණහිස් වැලමිටිත් ලෙලි යන වැඩ කිඩමයි
ඉස්කෝලම තුනක් ඒවගෙ කොලු වැඩමයි
කැම්පස් එකේදී කෙරුවෙත් ඒ වැඩමයි

“අබා” කෙල්ල ඒ එහෙ මගෙ කාඩ් එක
කැලණිය ආට් ආකියොලොජි ඩිග්‍රි එක
“ඒයි නංගි උඹ ගැට්ටෙන් සීන් එක
තව මදි” කාල් අයියල මට පාට් එක

කිලෝ හැත්තෑවකින් විස්සක් අඩුත් විය
මුල් පත්වීම මං පිටිසර සීගිරිය
ඇලේ දොළේ හේනේමයි සැරිසැරිය
විසිදාහකට ලද මතකය මිල නැතිය

දෙවන උපාධිය ගන්නට ගියෙ කොළඹ
සංචාරක ආර්ථික විද්‍යා සිප් හරඹ
වින්දනීය උදෑසන පූරක හරඹ
අවුරුදු පහක් නොදැනිම ගතවුණි නරඹ

හඳ මාමා හපන් පැදුර වැඩසටහන්
දස්කොන් සීරජත් තාදී ටෙලියෙ හටන්
අම්මා දුන් හඬින් ගැයුවෙමි නොයෙක් ගැයුම්
අප්පච්චි වගේ සිත්තම් කරම් හපන්

නොයෙක් හැඩට ගැලුවා ජීවන ගංගා
බාධක කම්කටොලු නින්දා මැද රිංගා
අහිතක් කිසිම දා නොකළෙමි ගුණ හංගා
වරදක් කළත් මට ඒ වෙන අය හිංදා

දුටුවත් නොදුටුවා සේ ඉන්නව මම නම්
අන් අය කරන කියනා දේ මට මොන කම්?
උස් මිටිකම් නැතේ මිමි මට මිස මනුදම්
කාටත් බෙදන්නේ එක හැන්දෙන් ය මෙ මං

චන්දිගෙ උපන්දින සැමරුම තිබුණු එදා
අවසරපතක් අපි දෙන්නට තිබුණු නිසා
“මෙහෙ සාදයක් නෑ අම්මා නංගි මිසක්”
නොසිතා සිදු වුනා වරදක් නොවී හිතක්!

වැරදි තැන වැරදි මොහොතේ සිටීම ය
පෙන්නූ බොරු දසුන් පෙර පාටී වල ය
කවුරුත් කැමති නෑ මේ බොරු කලබලය
දෙන්නේ උඩින් මයි ඕඩර් මිලිටරිය

දවස් දාහතර ගෙවිලා ගියා ඔහේ
පස්සර සීතලේ කඳු හෙල් අතර මෙහේ
මට මිස් වුනා තරඟය මගෙ නැටුම් එහේ
බොඳ වී ගියා හීනය එක් දිනෙන් මගේ

අත්තම්මා වගේ උයන්න හැකියි මට
අච්චම්මා වගේ අඬන්න හැකියි මට
අපෙ අම්මා වගේ සවිමත් හිතක් මට
තියෙනව බයක් නෑ හෙට ගැන අදත් මට

හෙට තව අලුත් දවසක ඉර පායාවී
සුදු කළු සමබරව මිහිපිට පවතීවී
අළු යට ගිණි නොවේ ජීවය නළියාවී
අගිජිත කිරිල්ලිය වී යළි උපදීවී