මෝඩ විදිහට හිතන, මන්ද මානසික ලෙඩ්ඩු තව ඉන්නවානම් ඒ හැමෝගෙම දැනගැනීම පිණිස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුජානි මේනකා කියන්නෙ මුල සිටම අරගලය එක්ක සමීපව උන්නු කෙනෙක්. ඉතින් පහුගිය දවසක බිමල් සුජානි යුවළ සිංහ කැන්ගරු සටන බලන්න ගිහින් ඉන්නවා අපිට දකින්න ලැබුණා. ඒ ගැන ලැබුණු ඇතැම් ප්‍රතිචාර ගැන ඇය මේ විදියට සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණා..

"අනේ.   මම ඇත්තටම දැනුයි දැක්කේ මේ වගේ මනසින් දියුනු නැති මිනිස්සු මේ ලෝකේ තවමත් ඉන්නවා කියලා. විශේෂයෙන් මගේ මුහුණු පොතේ. මේ වගේ මෝඩ විදිහට හිතන, මන්ද මානසික ලෙඩුන් තව ඉන්නවානම් ඒ හැමෝගෙම දැනගැනීම පිනිස මම මේ post එක දාන්නේ ඉතා වගකීමෙන්. 

ක්‍රිකට් මැච් එකක් බලන්න ‍යනවා කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හරියටම කිව්වොත් අපි චිත්‍රපටියක් බලන්න හෝල් එකකට යනවා හා සමාන දෙයක්. මේ පුරුද්ද අපේ තියෙන්නේ අදක ඊයේක නෙමයි. අපේ වුන් තරග වදින සමහරක් ක්‍රීඩා වෙන රටවලදීත් අපි දෙන්නා බලන්න ගිහින් තියෙනවා. කහද, කොලද, නිල්ද, රතුද..... මොනපාට රෙදිද අපි ඇදන් යන්නේ කියල හොය හොය ගෙදරට වෙලා ඉන්න වෙලාවේ හොද නැද්ද මැච් එක බලන්නෙ නැත්තන් ‍රට වෙනුවෙන්, අපේ මිනිස්සු වෙනුවෙන් පාරට බැහැල එක හඩක් නැගුවනන්. 
 
සිංහලයෝ කරන්නේ අනුන්ගේ රෙදිවල පාට හොයනෙක කියන කියමන දැන්වත් නතර කරන්න. තමන්ගේ දේවල් කරනගමන් රට වෙනුවෙනුත් අපේ අනාගත දරුවන් වෙනුවෙනුත් පාරට බහින්න අපිත් එක්ක එකතුවෙන්න... ඒකට ලැජ්ජ වෙන්න එපා. මේ හැම මනුස්සයෙක්ම පාරට බහින්නේ ඔවුන් වෙනුවෙන් විතරක් නෙමයි ගෙවල්වලට වෙලා අනුන්ගේ ඕපාදූප හොය හොයා කාලය නාස්ති කරන ඔයාලා වෙනුවෙනුත්.
 
ගෙදරට වෙලා අරයා මෙයා මොන දේශපාලනයද නියෝජනය කරන්නේ, යන්නේ එන්නේ මොකේද, vip ද කියලා හොයන්න කාලය නාස්ති කරන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. එන්න. එතකොට තේරෙයි ඔබ මෙතෙක් කල් ඉදල තියෙන මානසික මට්ටම මොකද්ද කියලා. අන්න ඒ දේට ලැජ්ජ වෙන්න. නැවතත් ආදරයෙන් ආරාධනා කරනවා අපිත් සමග එකතුවෙන්න...අපේ මව්බිම රැකගන්න. කවදා හෝ හුස්ම ‍යන මොහොතේ ඒ හුස්ම මේ පොලෝතලය වෙනුවෙන් පුංචී හෝ හඩක් නගපු මනුස්සයෙක් විදිහට වා තලයට එකතුකරන්න."