මට ගැලපෙන දේ මම කරනවා - ඇඟ හැඩනම් ඕනෑම ඇඳුමක් ලස්සනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබත් මමත් බොහොම ආදරය කරන කලා ලෝකේ සිටින හැමදාම ලස්සන, වයසට යන්න නැති සුරූපි තාරකාවක්. හැමදාම ලස්සනට අඳින, කොයි ඇඳුම ඇන්දත් ලස්සන ඇය ව අපි මෙවර Fashion පිටුව හැඩ කරන්න ආරාධනා කළෙමු.

ලංකාවට ආවට පස්සේ තවත් ලස්සන වෙලා වගේ ?

එහෙදි හොඳට කාලා බීලා සතුටින් හිටියා. දැන් නම් හිටියට වඩා ටිකක් මහත් වෙලා කියලා දකින අය කියනවා ...

ඔබ හැමදාමත් ලස්සනට අඳින කෙනෙක් විලාසිතා කියන්නේ මොකක් විදියටද දකින්නේ ?

කෙටියෙන්ම කිව්වොත් මුළු ලෝකෙම පැවැත්ම තීරණය වෙන්නේ යම් රටාවකට. විලාසිතාවකට. අප ජීවත් වන විදිහ , කතා කරන විදිය ,සමාජය සමග ගනුදෙනු කරන විදිහ  මේ සියල්ල විලාසිතාවක්. නමුත් පොදුවේ විලාසිතා කියා අප කතා කරන්නේ ඇඳුම් පැලඳුම් ආභරණ වැනි කෙටි දෙයක්. ඇත්තටම ඕනෑම වයසක සිටින කෙනෙකුට විලාසිතා කියන දේ නිවැරදිව කරගත යුතුයි .කුමන විලාසිතාවක් කලත්  තෝරා බේරගෙන  බුද්ධිමත්ව කළ යුතු බවයි මගේ පෞද්ගලික හැඟීම.

විලාසිතා තෝරා ගැනීමේදී මොන වගේ කරුණු ගැන ද සිතන්නේ?

ඉස්සර නම් අපි වෙලාව අනුව විලාසිතා  තෝරා ගන්න යොමු වෙලා හිටියා . නමුත් වර්තමානයේ දී  වේලාව අනුව විලාසිතා තෝරා ගැනීම ගැන ලොකුවට සැලකිලිමත් වෙන්නේ නැහැ. ශරීරයේ හැඩයට   සමෙ පාටට ,මගෙ වයසට ගැළපෙනවා නම්, මවක් විදිහට විලාසිතාව කිරීම සුදුසුයි කියා හිතෙනවා නම් මම අනිවාර්යෙන්ම ඕනෑම විලාසිතාවක් කරනවා. කරන විලාසිතාව ගැන බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙන කමෙන්ට් ගැන ලොකුවට හිතන්නේ නැහැ. මොකද මට කැමති අය මාව අගය කරනවා විය හැකියි .මට අකමැති අය මා විවේචනය කරත හැකි .ඒ නිස මට ගැළපෙන දේ මම නිවැරදිව තෝරා ගන්නවා .

විලාසිතාවක් කිරීමේදී ඔබ කැමති මොන පාට ටද?

සමේ පැහැය නිසා ඕනෑම පාඨක විලාසිතාවක් ගැලපෙනවා නමුත් මම වැඩිපුරම කළු පාට ,සුදු පාට සහ බෙජ් පාට වල ඇඳුම් වලට ගොඩක් කැමතියි.

ඔබ කැමති ම ඇඳුම් විලාසිතාව ?

ශරීරයට පහසු ඕනෑම ඇඳුමකට කැමතියි ...ගවුමක් විලාසිතාවක් විදිහට තෝරා ගන්නා සෑම අවස්ථාවකදීම බොහෝ යහපත් ප්‍රතිචාර ලබනවා .හැමෝම හරිම ලස්සනයි ගයත්‍රි කියලා  කියනවා. ඩෙනිම්, ටී ෂර්ට්,  ෂර්ට් මේ  කොයි ඇඳුමට මම හරිම ආසයි . කොයි ඇඳුමත් ලස්සනයි.

ඕනෑම ඇඳුමක් ලස්සනට පේන්න විශේෂ හේතුවක් තියෙනවද ?

මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව ශරීරයේ හැඩය. සමේ පැහැය .මම මගේ ඇඟේ හැඩය ලස්සනට තියාගන්න ගොඩක් වෙහෙසන කෙනෙක්. යම් යම් කාලවලදී ශරීරය මහත් වෙනකොට කොහොම හරි ව්‍යායාම කරලා ඇඟ අඩු කර ගන්නවා. මොකද ඕනෑම ඇඳුමක් ලස්සනට තියෙන්නෙ  ඇඟේ හැඩය ලස්සනට තිබුනොත් විතරයි. ඒ නිසා මම ඒක ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙනවා.

විලාසිතා කිරීමේදී අගය කිරීම නිරතුරුවම ලබන කෙනෙක් ඔබ. හිතට එය දැනෙන්නේ කොයි විදිහට ද?

දකින දෙයක් අගය කරන්නේ ඇත්තටම ලස්සන හදවතක් තියෙන කෙනෙක් .....ඒ ආදරණීය අගය කිරීම් හැම එකටම මමත් ගොඩක් ආදරෙයි ...අදටත් විලාසිතාවක් කරහම බොහෝ දෙනෙක් ළඟට ඇවිත් අහනවා කොහෙන්ද ඒ ඇඳුම ගත්තෙ කීයද ?මම ගැළපීම් කරන්නේ කොයි විදිහට ද වගේ බොහෝ දේවල් ...තවත් බොහෝ පිරිසක් හරිම සතුටින් ආදරයෙන් මාව අනුකරණය කරනවා. ඒ හැම දේම ඇහෙන කොට, දකිනකොට හරිම සතුටක්. ඇත්තටම විලාසිතාවක් කියන්නේ අපව සතුටින් තියන අදෘශ්‍යමාන බලවේගයක්.

නිවැරදිව විලාසිතාවක් කරහම ඔබේ හිතට මොකක්ද දැනෙන්නේ ?

මට මගේ ගැන ආත්ම විශ්වාසය ගොඩනැගෙන දෙයක් තමයි මම කරන විලාසිතා. අපේ පෙනුම වැඩි කරලා පෙන්වන විලාසිතාවකට අපි මොන තරම් සතුටින් තියන්න පුළුවන් ද කියන එක විලාසිතාවක් කරන කොට හිතට දැනෙනවා. අපි අපේ දිහා බලලා කොපමණ සතුටු වෙනවද ?ලස්සනට ඉන්න අපිව දැකලා වෙන අය අගය කරනකොට  තවත් අපේ සතුට වැඩි වෙනවා. ඇත්තටම ලස්සන විලාසිතාවක් කරහම කායික වගේම මානසිකවත්  ලොකු සතුටක්. ඒ වගේම අපි නොදැනුවත්වම ඒ මොහොතේ දී  ඇති වෙන්නේ ධනාත්මක සිතිවිලි. සුබවාදී සිතුවිලි .....මේ විදිහට බැලුවහම විලාසිතාවකට බොහෝ දේ  කළ හැකිය කියා මා විශ්වාස කරනවා .

 

හැමදාම ලස්සනට විලාසිතා කරන  ඔබ අනුගමනය කරන පුංචි පුංචි දේවල් ටිකක් දැනගන්නත් අපි කැමතියි?

පුංචි රහසක් කියන්නම් .අපි අඳින ඕනෑම ඇඳුමකට ගැලපෙන විදිහට පාවහන් දැම්මහම ඒකෙන් අපි නො සිතන  පෙනුමක් ලැබෙනවා   .

ඒ නිසා මම අඳින ඕනෑම ඇඳුමකට ගැලපෙන විදිහට පලඳින්න රතු, සුදු, කළු, බෙජ්,පාට වලින් සපත්තු ,තියාගෙන ඉන්නවා ,පළඳින හෑන්ඞ් බෑග් එකෙනුත් විලාසිතා වට වටිනාකමක් එකතු වෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙනවා .

ඔබ ආභරණ  පලදින්න කැමති කෙනෙක් ද ?

කැමතියි .එනමුත් හරිම සරල විලාසිතාවෙන් යුත් රන් ආභරණ තමයි තෝරා ගන්නේ . ඔරලෝසු පලදින්නනම් මං  ගොඩක් ආසයි. කොච්චර ආස ද කියනවා නං ලස්සන ලස්සන ඔරලෝසු එකතුවක් මා ළඟ තියෙනවා .

පුංචි කාලේ ඉඳලාම විලාසිතා කරන්න කැමතිද ?

අපොයි ඔව් .පුංචි කාලෙ ඉඳලම මම දැක්කේ මගේ අම්මි ලස්සනට, පිළිවෙලට, පිරිසිදු ව අඳිනවා . මම පුංචි කාලේ ඉඳලම ඇය මාව ලස්සනට  ඇන්දුවා  . මම ඇය දිහා බලල සතුටු වුණා වගේම ඇය මාව සරසලා මහ පුදුමාකාර සතුටක්.....ලැබුවා

අද ඔබත් වැඩිමහල් දරුවන් දෙදෙනෙක් සිටින මවක් .ඔවුන්ගෙන් අද ඔබට අගයකිරිම ලැබෙන්නේ කොයි විදිහටද?

හරිම ඉහළයි ඒ අගය කිරීම අම්මියෝ හා හරිම ලස්සනයි කියලා දරුවෝ දෙන්නාගෙ කටින් නිතරම ඇහෙනවා මම කරන විලාසිතා වන් හරියට අගය කරනවා ....ඒ වාගේමයි මමත් මොනතරම් විලාසිතා කරත් දරුවෝ දෙන්නෙක් ඉන්න මවක් කියන එක කවදාවත් අමතක කරන්නේ නෑ.

විලාසිතා කිරීමේ දී ඔබ යම් කෙනෙක් අනුගමනය කරනවද ?

නැහැ නිතරම වෙනස් වෙන විලාසිතා ගැන ලෝකෙට අලුතින් එකතුවෙන විලාසිතා ගැන අවබෝධයෙන් ඉන්නවා නමුත් කවදාවත් කවුරුවත් කරන විලාසිතාවක් ඒ විදිහටම නං කරන්නේ නැහැ සමහර වෙලාවට දකින විලාසිතා කිහිපයක් එකතු කරලා මට ගැළපෙන එක් විලාසිතාවක් කර ගන්න අවස්ථා තියෙනවා.

ඔබ කවුරු වගේ කියලද කට්ටිය කියන්නේ?

ලස්සනට ,පිළිවෙලට අඳිනවා කියන එක නම් මම නිතර ම අහනවා .මොන ඇඳුම ඇන්දත් ගයත්‍රි ඔයා හරිම ලස්සනයි කියලා කියනවා ...ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න කිහිප දෙනෙක් මම ඇන්ජලිනා ජූලි  වගේ රාණි මුකර්ජි  වගේ කියලා කියනවා. 

මට නම් තාම මාව පේන්නේ ගයාත්‍රී ඩයස්  කියලා විතරමයි.

අසුන්තා එදිරිසූරිය