පුංචි තිරයේ අහිංසකාවිය, මහේෂිගේ අළුත්ම ඡායාරූප කිහිපයක්
මහේෂි මධුසංකාව ඇගේ රසිකයින් හඳුන්වන්නේ පුංචි තිරයේ අහිංසකාවිය කියලා. මහේෂි වැඩිපුරම රංගනයෙන් දායක වී තිබෙන්නේ අහිංසක පෙම්වතියගේ චරිතය යි. ඇය රංගනයෙන් දායක වූ සියළුම චරිත ප්රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා සේම ඇයට ආදරය කරන්න ද පටන් ගත්තා. මෑත කාලයේදී ටෙලි තිරයෙන් ඇයව වැඩිපුර දකින්න ට නොලැබුනත් ඇයට ආදරය කරන රසිකයින්ගෙන් නම් අඩුවක් නැහැ. පෞද්ගලික ජීවිතයේදී ද මහේෂි කාටවත් කරදරයක් නැති අහිංසක චරිතයක්.
ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙන මහේෂි මේ වන විට පවුල් ජීවිතයට ප්රමුඛත්වය දීලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. කෙසේ වෙතත් ඇගේ නවතම ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් පිටුවට එකතු කර තිබුණා.