මගේ නම සිංහවංශ වුණාට අපේ පරම්පරාවම ඉන්දුනීසියාවේ, උමාරියා මෙතෙක් නොකී කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ ගය්කාවක් ලෙසින් රටේම ආදරය දිනාගත් උමාරියා සින්හවංශ කියන්නේ සිංහල, දෙමළ, හිංදි, ජපන්, අරාබි යන විවිධ භාෂා වලින් ගීත ගයනා කිරීමේ හැකියාව තිබෙන දක්ෂ ගය්කාවක්. ඒ වගේම උමාරා සින්හවංශගේ නැගණිය වන්නේද උමාරියා කියලා ඔබ දන්නවා ඇති. ඉතින් පවුලේ බාලයා වන උමාරියා පසුගිය දිනයක අලුත් කතාබහකට එකතු වෙමින් විස්තර කියලා තිබුනේ මේ විදියටයි. ඒ අතරතුර මෙතෙක් නොකී කතාවකුත් ඇය කියලා තිබුන.

මම සිංහල නෙවෙයි, මගේ නම සින්හවංශ වුනාට අපේ පරම්පරාව පැවතගෙන ඉන්නේ ඉන්දුනීසියාවෙන්. මගේ පියා ටෝනි සිංහවංශ, අම්මා අයේෂා සිංහවංශ. ඒ දෙදෙනාම වෘත්තීය වශයෙන් සංගීතය කරනවා. අපි සිංහල නොවුනට අපේ රට ලංකාව. මේ රටට අපි ගොඩක් ආදරෙයි. ඒ කාලයේ මගේ අම්මා, තාත්තා, අක්කා ගීත ගයනා කළා. නමුත් මම පුංචි කාලේ හැමෝටම පෙන්න ගීත කිව්වේ නැහැ. ඒ කාලයේ මම සින්දු කිව්වේ කවුරුවත් නැති තැනක් බලලා ගොඩක් සෙමින්. පාසල් යන කාලයේ වුනත් අධ්‍යාපනයත් එක්කම තමයි කාලය ගෙවුනේ.

ඒ වගේම මගේ ආක්කා උමාරා සංගීතයත් එක්කම ජිවත් වුන කෙනෙක්. ඒ කාලයේදී තමයි මට භාතිය සන්තුෂ මුණගැහෙන්නේ. දවසක් අක්කාගේ සින්දුවක් කියන්න ඒ දෙන්නගේ ස්ටුඩියෝ එකට ගියා. එදා අක්කා සින්දුව කියද්දී මමත් හෙමින් ඒක කිව්වා. ඒ වෙලාවේ භාතියට ඒක ඇහිලා තියනවා. ඊටපස්සේ එයා කිව්වා මටත් සින්දුවක් කියන්න කියලා. එදා තමයි මගේ ගායන ජිවිතේ ආරම්භ වුනේ. හැමදාමත් මගේ අක්කා තමයි මමත් එක්ක හිටියේ. ඒ වගේම යුක්රේනයේ පැවැත්වුණු ලෝකයේ ලොකුම සංගීත සංදර්ශනයට මම සහ අක්කා සහභාගී වෙලා තියනවා. ඒ විදියට තමයි මගේ ජිවිතේ සංගීතයත් එක්ක සම්බන්ද වෙන්නේ.