මේ වන විට මගේ තාත්ති යම්තාක් දුරට සුවයක් ලබමින් සිටිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජුගේ තාත්තා පසුවෙන්නේ අසනීප තත්වයකින්. ඒ ගැන ඇයම සමාජ මාධ්‍යයේ සටහන් සහ ඡායාරූප තබා තිබුණා. මේ සටහන සහ ඡායාරූප එකතුවත් ඒ ගැනයි.

මගේ තාත්ති අසාද්‍යව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අවස්තාවේ ඔහුට සෙත්පතා නොකඩවා අද දිනටත් බෝධි පුජා පිංකමක් සිදුකරන ඉරෝෂා මගේ පාසල් මිතුරියට, නුවර දළදා මාලිගාවට කිරි ආහාර පුජා කරමින් සෙත් පැතු විශ්ව ආදරණීය සහෝදරයාට, කැළණි රජ මහා විහාරයට ඖෂධ පුජා කරමින් සෙත් පැතු ආදරණිය චතු සොයුරියට, කතරගම මහ දේවාලයෙන් ආශිර්වාද ලබා දුන් බුද්ධික මිතුරාට අනේකවාරයක් ස්තුතියි එමෙන්ම ඔහු වෙනුවෙන් සෙත් පැතු ඔබ සියලු දෙනාටත් බොහොම ස්තුතියි
මේ අසීරු අවස්තාවේ මා තනි නොකල ඔබ සියලු දෙනාට පිං 
මේ වන විට මගේ තාත්ති යම්තාක් දුරට සුවයක් ලබමින් සිටිනවා ඒ ඔබ සියලු දෙනාගේ ආශිර්වාදයත් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් හෙද සොයුරියන්ගේ අසීමිත කැපවීමත් නිසා යම් හෙයකින් ඔබේ දුරකතන ඇමතුම මා අතින් මග හැරුනානම් මේ පසුකරන අසීරුම කාලය නිසාවෙන් මා සමග අමනාප නොවන ලෙසද ඉල්ලමි