ඉස්සර පන්සලක, දන්සැලක සින්දුවක් ඇහුනොත් ඇහෙන සින්දු වලින් සියයට අනූවක්ම මොහිදින් බෙග් මාස්ටර්ගේ සින්දු. ඒ සින්දු වලින් වැඩිම ගී ප්‍රමාණයක් තියෙන්නේත් බෞද්ධ සංස්කෘතියකට අදාළ සිංදු.
එතුමා අපෙන් වියෝ උනාට පස්සේ ඒ වියෝ වුණු අඩුව දැනුනේ නැත්තේ ඉෂාක් බෙග් නිසා.
බෙග් මාස්ටර්ට ඉතාමත්ම සමීප හඬකින් ඔහු ගී ගැයූවා.
ඒ අපූරු සුන්දර මිනිසා හදිසියේ වූ අසනීප තත්ත්වයක් නිසා දැන් ටික දිනක සිට රෝගී තත්ත්වයෙන් පසු වෙනවා.
ඔහුගේ සුවදුක් බලන්න ඔහුට ආදරය කරන ඉනෝකා අහංගම ඇතුළු කලාකරුවන් පිරිසක් ඊයෙත් රෝහලට ගොස් තිබුණා.
කොහොම වුණත් ඒ ප්‍රතාපවත් හඬ , අප ඉදිරියේ නැවතත් නංවන්නට ඔහුට ඉතාමත් ඉක්මනින් සම්පූර්ණ නිරෝගී සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.





Trending News
Events
සිග්නීස් රාත්රියේදී බැබළුණු හොරා අංකල්
- 05-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
