මුලකුරු වලින් ආදරය දිනාගත් කලාකරුවෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමන්ගේ නමේ වාසගම බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය කාර්යයකදී විතරයි. නමුත් නමේ මුලකුරුවලින් ජනප්‍රිය වුණු කලා ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ කලාකරුවන් කිහිපදෙනෙක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ කලාකරුවන්ගේ සම්පූර්ණ නම බොහෝ දෙනෙක් දන්නේ නැහැ වගේම සම්පූර්ණ නම කිව්වත් බොහෝ දෙනෙක්ට හඳුනාගන්නත් බැහැ. මේ කලාකරුවන්ගෙන් කිහිපදෙනෙක් අද ජීවතුන් අතර නැතිවුණත් ඔවුන් කලාවට කළ සේවය ඉතා විශාලයි.

G.R පෙරේරා

G.R පෙරේරා කලාකරුවාගේ සම්පූර්ණ නම ගල්හේනගේ රත්නපාල පෙරේරා. නමුත් කලා ක්ෂේත්‍රය තුළ මෙතුමාව හඳුන්වන්නේ G.R කියලයි.

T.Mජයරත්න

T.Mජයරත්න ප්‍රවීණ ගායන ශිල්පියාගේ සම්පූර්ණ නම තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න. ඒ නමුත් සංගීතය තුළ වගේම රසික රසිකාවියන් පවා හඳුන්වන්නේ TM නමින්.

H.M. ජයවර්ධන

කසුන් කල්හාරගේ ආදරණීය පියාණන් වන H.M ජයවර්ධන සූරීන් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සිදු කළේ අප්‍රමාණ මෙහෙවරක්. එතුමන්ගේ සම්පූර්ණ නම හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන වුණත් බොහෝ දෙනෙක් ආදරයට ආමන්ත්‍රණය කරන්නේ H.M කියලායි.

C.T ප්‍රනාන්දු

ලංකාවේ පලමු පොප් ගායන ශිල්පියා ලෙසින් C.T ප්‍රනාන්දු මහතාව බොහෝදෙනෙක් හඳුන්වනවා. මෙතුමන් මෙලොවින් සමුගෙන දැනට වසර හතලිස් හතරක් පමණ වූවත් එතුමන්ගේ ගීත අදටත් ජනප්‍රියයි. C.T ප්‍රනාන්දු මහතාගේ සම්පූර්ණ නම සිරිල් ටියුඩර් ප්‍රනාන්දු වුණත් ඒ කාලයේදී ඔහු ජනප්‍රිය වුණේ C.T සහ C.T ප්‍රනාන්දු කියන නම්වලින්.

M.S ප්‍රනාන්දු

ලංකාවේ බයිලා සංගීතයට මහත් සේවයක් කළ බයිලා චක්‍රවර්තී ලෙසින් විරුදාවලිය ලත් MS ප්‍රනාන්දු සූරීන්ගේ සම්පූර්ණ නම මහගමගේ සැම්සන් ප්‍රනාන්දු. අදටත් ඔහු ජනප්‍රිය MS යන අකුරු දෙකෙන්.

H.A පෙරේරා

වේදිකාව, වීදි නාට්‍ය කලාව තුළ විශාල සේවයක් කළ H.A පෙරේරා මහතාගේ සම්පූර්ණ නම හබරකඩගේ ඇලෝෂියස් පෙරේරායි. ඔහු සමුගෙන ගොස් වසර එකොළහක් පමණ වූවත් එතුමන්ව අදටත් ආමන්ත්‍රණය කරන්නේ H.A යන මුල් අකුරු දෙකෙන්.