ලංකා ගේ ’මහසෝනා’ කාන්ස් සිනමා උළෙලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්ප‍්‍රදාය කෙටි චිත‍්‍රපටය තුළින් ජත්‍යන්තර ඇගයීමට ලක්ව සිටින ලංකා බණ්ඩාරනායකගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය මහසෝනා ප්‍රංශයේ කාන් සිනමා උලෙළේ කෙටි චිත්‍රපට අංශයට සුදුසුකම් ලබා තිබේ.

තරගකාරී නොවන අංශයෙන් ඉදිරිපත් කර ඇති .මහසෝනා. ඇයගේ තෙවැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වේ. සම්ප්‍රදාය සහ උරුමය ඇය මින්පෙර නිර්මාණය කළ අනෙක් කෙටි චිත්‍රපට වේ.

.මගේ අලුත් කෙටි චිත්‍රපටය මහසෝනා මෙවර ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ කාන් කෝනර් අංශයට තේරී ඇත. නිර්මාණයේ සාර්ථකත්වයට උරදුන් අනේක විද කැපකිරීම් කළ සියලුම ශිල්පීන්ට මගේ හදපිරි ස්තූතිය සහ ආදරය. යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන අදහස් පළ කරමින් ඇය සඳහන්කර තිබුනි.

හේසර රන්මිණ කපුගේ, නිස්මන් රණසිංහ, අසංක සායක්කාර, අමරදාස පෙරේරා, කුමුදු කුමාරසිංහ, අමිල කොඩිතුවක්කු සහ චමල් රණසිංහ (සීයාගේ හඬ)රංගන දායකත්වය සපයා ඇති මෙම කෙටි චිත්‍රපටයේ තිර රචනය රන්සිරි පෙරේරා සහ ලංකා බණ්ඩාරනායක විසිනි.

'මහසෝනා'හි කැමරා අධ්‍යක්ෂණය චානක විජයමුනිගේ, සංස්කරණය සහ හඬ සැලසුම්කරණය නන්ද නන්දි ජයකොඩි, අංග රචනය ප්‍රේම්ජයන්ත කපුගේ, කලා අධ්‍යක්ෂණය ලක්මා වීරසේකර, සහය අධ්‍යක්ෂණය චතුරංගි රසිකලා පතිරගේ, නිෂ්පාදන කළමනාකරණය හිමාශි මොරිස්, විශේෂ ප්‍රයෝග අකිල වනිගරත්න, වර්ණ ශ්‍රේණිගත කිරීම් ලහිරු මධුශංක උපසිරසි උපාලි අමරසිංහ, නිශ්චල ඡායාරූප ධනුෂ්ක විජේසූරිය විසින් සිදු කර ඇති අතර ලංකා බණ්ඩාරනායකගේ නිෂ්පාදනයකි.

74 වැනි කාන්ස් සිනමා උලෙළ ජූලි 6 වැනිදා සිට ජූලි 17 වැනිදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වේ.