කැරොලයින් ජූරි, විවාහක රූ රැජිණ කිරුළ අත්හරී (සම්පූර්ණ කතාව)



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මං ඔයාලගේ මනෝලෝකයන් කඩා විසුරුවන්නට ඇති.. මම ඔබේ විනිශ්චයට බාධා කරන්නෙ නැහැ..” ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි එම කිරුළ අත්හැරීමට සුදානම් වන බව වාර්තා වනවා. සමාජ මාධ්‍ය තුළ වීඩියෝ පටයක් මුදා හරිමින් කැරොලයින් ජූරි පවසන්නේ සිය කිරුළ අත්හැර දැමීමට සුදුසු කාලය එළඹ ඇති බවයි.

එහිදී ඇය පැවසුවේ මෙවැන්නකි, 

ආයුබෝවන්, සියලු ලෝ වැසියනි. මගේ ලස්සන රටේ සහ ලොව වටා ජීවත් වන ශ්‍රී ලාංකිකයෙනි. කිරුලක් දින ගන්නට සහ කිරුලක් දිනාගන්නට කැපවී වෙහෙස වූ මගේ හිතවත් රූ රැජිනියනි. වාද මතවාදවලට තුඩුදුන්, පසුගියදා සිදු වූ සිදුවීම ගැන මගේ අවංක කණස්සල්ල පළකර සිටිමි. කිසිවෙකු සමග පුද්ගලික ආරෝවක් මට නැත. ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසාන වටයට තේරි පත් වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සළකමි.

ඔවුනට ඔවුන්ගේ උපරිමයෙන්ම තරගවැද ජයගැනීමට තරම් සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු නොකළෙමි. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු නොකළෙමි.

සාධාරණ වේදිකාවක් නිර්මාණය කර දුන් මා ආදරණීය ලෝක විවාහක රූ රැජින තරග සංවිධාකයන්ට, එයින් අත්විඳින්ට සිදු වූ අපහසුතාවක් වී නම් මමද එය අත්විඳිමි.

ලොව වටා සහ මගේ රටේ වෙසෙන පසුගිය සහ වර්තමාන රූ රැජින තරග ජයග්‍රාහිකාවන්ට එයින් අත් විඳින්නට සිදු වූ අපහසුතාවය මමද එලෙසින්ම අත් විඳිමි.  සෑම රෑ රැජිනි තරගයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත. තරගයක නීති රීති ඇත්තේ. එව්ාගේ අඩුපාඩුවලින් රිංගා යමින් කෙසේ හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට නොවේ.

තරගයකට නීති රෙගුලාසි ගෙන එන්නේ, අරමුණක් වෙනුවෙන් වේදිකාවක් සඳහා බව මගේ විශ්වාසයයි. මා මුලසිටම හඬ නැගුවේ ඒ වෙුවෙනි. නමුත් අවාසනාවක හඬ නැගීම නෑසුන නිසාම, අවසාන තරගයට පෙර දිනයේදී මා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූවෙමි.

මගේ ක්‍රියාකලාපය එ අභිමතාර්ථ සහ අරමුණු වෙනුවෙන් මගේ ක්‍රියාත්මකවීමයි. මා දකින ආකාරයට ලෝක විවාහක රූ රැජින කිරුළ යනු විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින් හා වගකීම් දරමින් තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි.

සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මග නොහැරගන්නා, එතැනින් නොනැවතී තරග වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග කිරීමට උත්සහ ගන්නා. අසීමිත කැපකිරීම් කරන, වෙහෙස වන, හැකියාවන් ඇති, හරයක් සහ අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුමයි.

ලෝක විවාහක රූ රැජින තරගය නිර්මාණය කර ඇත්තේ, දික්කසාද හෝ පවුල් ජීවිතයෙන් වෙන් වූ කාන්තාවන්ව පහත් කොට සැළකීම සඳහා නොව විවාහක ජීවිතයේ ඉන්නට තීන්දු කළ කාන්තාවන්ගේ සිහින සැමරීමට සහ ඔවුන්ව අගය කිරීමට බව මට තහවුු කළ හැකිය.

විවාහක අවිවාහක සියලු කාන්තාවන් ඇත්තටම රැජිනියන්ය. සෑම රැජිනියකටම තමන්ටම කියා වෙන් වූ විවිධාකාරයේ තරග වේදිකාවන් ඇත. ඒ ඒ වේදිකාවන් සහ තරගවලට අනන්‍ය වූ නීති රෙගුලාසිද ඇත. මෙවර ශ්‍රී ලංකා විවාහ රූ රැජින තරගයේ වැඩ කටුතු කරන අතරතුරේදී තරඟකාරියන්ගේ කැපවීම, වෙහෙස සහ උද්යෝගය මා අත්වින්දෙමි.

ඔවුන් සියලු දෙනා සමග එක්ව, තව තවත් උනන්දුවෙන් සහ වෙහෙස වී වැඩ කරන්නට, ඔවුන්ගේ උද්යෝගය මා හට පන්නරයක් වූ බව කිව යුතුමය. මා සැමවිටම මගේ අත්දැකීම් සහ දැනුම ඔවුන් සමග නොඅඩුව බෙදාහදා ගත්තෙමයි. 2020 ලෝක රෑ රැජිනිය ලෙස කිරුලු පැළදීමට මා ගමන් කළ දිර්ඝ වූත්, වෙහෙස කර වූත්, ඉතා අසීරු වූත් ගමන මා හට ලබා දුන් දැනුම සහ අත්දැකීම් නිසාම මා ළඟ ඔවුන් සමග බෙදා හදාගන්නට බොහෝ දේ ඇත.

මේ වසරේ ලෝක විවාහක රෑ රැජින තරගයේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි. ඒ සඳහා ලෝකයේ නන් දෙසින් එන සියලු තරඟකාරියන්ව අපි ආදරයෙන් පිළිගන්නා අතරම, අපේ රට නියෝජනය කරමින්, ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියටද,  ලෝකයම සමග කරට කර තරග වැදීමට යළිත් අවස්ළුාවක් හිමිවේ.

එහිදී සාධාරණ තර අවස්ථාවක් ලබාගැනීමට සහ හොඳ තරගයක් දීමට අපේ විවාහක රූ රැජිනියව සූදානම් කිරීම මුවහත් කිරීම සහ මග පෙන්වීම සඳහාමගේ උපරිමයෙන්ම දායකත්වය ලබා දීම මගේ වගකීම සහ කර්තව්‍යය ලෙස මා සළකමි. ලෝකයම සමග තරග කොට ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳි ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස මේවර අපේ රට නියෝජනය කරන කාන්තාවන්ට සාධාරණ තරග අවස්ථාවක් ලබා දීම සහ හොඳ තරගයක් දීම සඳහා අවැසි සුදුසුකම් සපුරාගැනීමට උපකාර කිරීම මගේ අරමුණයි.

මා ජයග්‍රහාණය කළ කිරුළ නැවත භාරදීමෙන් පසුව පවා මගේ පවුල් ජීවිතය වෙනුවෙන් කරන කැපවීම් සහ වගකීම් දරන අතරේදීම ඒ අරමුණ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාත්මක විම සහ වැඩ කිරීම මගේ සැලසුමයි. මා මේ කිරුළ නැවත භාර දේනනේ කෙසේද යන කාරණාවට වඩා 2020 ලෝක රූ රැජිනිය ලෙස ඒ කිරුළ දරණ කාලයේදී මා ජීවත් වන සහ නියෝජනය කරන ලෝකය වෙනුවෙන් මා එය කෙලෙස යොදාගත්තේද යන්න වඩා වැදගත් බව මා විශ්වාස කරමි.

මා විසින් සමරහවිට ඔබගේ මනෝලෝකයන් කඩා විසුරුවා දමන්නට ඇති බව මා දනිමි. සමාජ සංවාදයක් ඇති කළ බවද දනිමි. එපමණක් නොවේ. කිරුළක් දරණ රෑ රැජිනිකට තිබිය යුතු වැදගත්කම් සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන කතිකාවක්ද ඇති වූ හැටි මා බලා සිටියෙමි. වැදගත්කම යනු ලෝකයේ ඇස් ඉදිරියේ කෙනෙකුගේ හැසිරීමෙන් මනින දෙයක් යැයි ඔබ සිතන්නේ නම්, ඔබට ඔබේ විනිශ්චයන්ට එළඹීමට මා බාධා නොකරමි.

නමුත් වැදගතකම් යනු ලෝකයාගේ ඇස් ඉදිරියේ පමණක් නොව කිසිවෙකු තමන් දෙස බලා නොසිටින අවස්ථාවේ පවා රහසින්වත් වරැදි නොකර සිටීම සහ තමන් පෙනී හිදිමින් ක්‍රියා කරන්නේද යන වග නම් චරිතයේ සැබෑ වටිනාකම එය බව මගේ ඇදහීමයි. මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී හිදීමෙන් පසුව, මගේ කිරුළ අහිමි වූවත්, මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රෑ රැජිනියගේ කිරුලේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැගීමයි.

වටිනාකම් යනු අපේ ජීවිතවල මුල්බැසගත් සාරධාර්මයන් වේ. වටිනාකම් මතුපිටින් මනින්ට නොහැකිය. කීයටවත් මුදලට ගන්නට නොහැකිය. මම ඒ වටිනාකම් වෙනුවෙන් සිටගනිමි. මුලු ලෝකයම ඉවත බලන විටදී පවා තනිවම වූවත් මම ඒ වටිනාකම් වෙනුවෙන් නැගීසිටිමි.  ඒ කෙතරම් දරුණු ව්‍යසයක් හමුවේ වුවත් මම ඒ වටිනාකම් වෙනුවෙන් සිට ගනිමි.

මුලු ලෝකයම ඉවත බලන විටදී පවා තනිවම වූවත් මම ඒ වටිනාකම් වෙනුවෙන් නැගීමිටිමි. ඒ කෙතරම් දරුණු ව්‍යසනයක් හමුවේ වුවත්, මම ඒ වටිනාකම් වෙුනවෙන් පෙනී සිටිමි.  අපි සැවොම සැමවිටම  අපි ජීවත් වන ලෝකය මීට වඩා හොඳවන වෙනසක් ප්‍රාර්ථනා කරන්නෙමු.

නමුත්, තමන්ට ඒ වෙනස වෙන්නට සිදුවු විට හෝ ඒ වෙුනවෙන් ක්‍රියාත්මක වෙන්නට සිදු වූ විට, අපි එය මගහැර යන්නෙමු. ලෝකයම ඉවත බලන විටදී පවා යමක් වෙනුවෙන් නැගී සිටින්නට, හඬ නගන්නට සිදු වේ නම් කෙතරම් තනි වූවත්,  අපි ඒ සඳහා අපි ධෛර්යය උපද්දවාගත යුතුමයි. බොහෝවිට අපි එය මගහැර යන්නේ අපි මහත් වෙහෙස වී,  අසීමිත කැපකිරීමෙන් දිනාගත් දේ අහිමි කරගන්නට ඇති භය නිසාවෙනි.

අරමුණක් වෙනුවෙන් තැනූ වේදිකාවක තවත් කාන්තාවකට සමාන සහ සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහා මා අසීරුවෙන් උපයාගත් යමක් අහිමි කරගෙන වුවත් ක්‍රියාත්මක විය යුතු බව මගේ ඇදහීමයි.  ඇත්තටම අපි ඒ වෙුනවෙන් එකපයින් නැගීසිටිය යුතුමයි. කිරුළකට අරමුණක් තිබිය යුතුය. මට අනුව ඒ හැමෝටම සමාන සහ සාධාරණ අවස්ථාවන් තනා දීමය.

මා දිනාගත් කිරුඵ නැවත භාරදීමට, මට කාලය එළැඹ ඇති බව මම දනිමි.

කාන්තාවකට අවශ්‍ය වන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස, අන් කිසිවක් නෙමෙයි. 

ස්තූතියි.