කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හරින කතාව බොරුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තම කිරුළ අත හරින බවට වැරදි වැටහිමක් සමාජගත වෙමින් ඇතැයි ලෝක විවාහක රූ රැජින තරගයේ මෙරට අධ්‍යක්‍ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කැරොලයින් ජූරි ඊයේ දිනයේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ එම කිරුළ මෙවර ජයග්‍රාහිකාවට පලදවන බව මිස තම කිරුළ අත්හරින බවක් ඇය ප්‍රකාශ කර නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඔහුගේ ෆේස්බුක් සටහන,

වැරදි වැටහිමක් පමනක් සමාජගතවමින් ඇත. මේ කියන්නේ , නුදුරේදීම මෙරටදී පැවැත්වෙන Mrs. World තරඟයේදී  සම්මතය පරිදි  කිරුළ ඊලඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස  පසුගියදා සිදුවීම නිසා කිරුළ අත් හරින බව නොවේ.

20210410Chandimal-1