ප්‍රවීණ කලා අධ්‍යක්ෂ ස්ටැනී ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙක් වූ ස්ටැනී ද සිල්වා මහතා ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබේ. වසර ගණනාවක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වැනි වියේ පසුවිය.
'අහිංසා', 'කැඩපතක ඡායා', 'යර්ස් බොස්', 'බෝනික්කා' ඇතුළු කලා නිර්මාණ රැසකට කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණු ඔහු කැඩපතක ඡායා චිත්‍රපටය වෙනුවෙන් එම වසරේ ස්වර්ණ සංඛ සම්මාන උළලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගනු ලැබීය. කලා අධ්‍යක්ෂණයට අමතරව ඔහු ළමා කතා රචකයෙක්, චිත්‍රකතා රචකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසද කලා ක්ෂේත්‍රයේ නිරත විය. ජාත්‍යන්තර සිනමාකරුවෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් විසින් මෙරටදී රූගත කළ 'Indiana jones' චිත්‍රපටයේද ස්ටැනී ද සිල්වා මහතා රංගනයෙන් දායක වී තිබේ.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත. 

20210416Stanly-1 20210416Stanly-2