‘‘සංවිධායකයෝ අපිට බොරු කළා, කිරුළ එයාට දෙන්න අපිව පාවිච්චි කළා’’ – මිසිස් ශ්‍රී ලංකා අවසන් තරඟකාරියන්ගෙන් චෝදනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉකුත්දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ සංවිධාකයින් එහි තරඟකාරියන්ගේ විශ්වාසය කඩකළ බවට එහි තරඟ වැදුනු තරඟකාරියන් පවසනවා.

එහි අවසන් වටයට තේරී පත් වූ තරඟකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළා.

විවාහක රූ රැජිණ කිරුළ පෞද්ගලිකව එක් අයෙකුට ලැබුනත් ජාත්‍යන්තරයේදී එය එක් පුද්ගලයකුගේ නියෝජනයක් පමණක් නොව රටක නියෝජනයක් සිදුවන බැවින් සුදුසු තරඟකාරියක් ඒ සඳහා තෝරාපත් කරගතයුතු බව එම තරඟකාරියන් මෙහිදී කියා සිටියා.

තරඟයේ මුල් වටයේදී ලබාදුන් උපදෙස් අවසන් වට වලට යාමේදී සංවිධායකයින් නොසලකාහැරි බවට මෙහිදී ඔවුන් චෝදනා කරනු ලැබුවා.

එම තරඟය විනිශ්චය කිරීමට පැමිණි සිටි විදේශ විනිසුරුවරුන් හට තරඟය තුල සිදුවන දේ අවබෝධයක් නොතිබූ බව සඳහන් කළ එම විවාහක රූ රැජිණ තරඟය අතර වාරයේ සිදු වූ අඩුපාඩු මෙන්ම ඔවුන්ට සිදු වූ අසාධාරණ කම් පිළිබඳව ද ඔවුන් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කරනු ලැබුවා.