ආර්ථික අපහසු කම් ඇත්නම් නම් අවම අපේ නම් සඳහන් කරන්න - සෙන්ටිග්‍රේඩ් තුසිත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමට අයත් ගීතයක් හිරු රූපවාහිනී නාලිකාව හරහා වැඩසටහන් කිහිපයකටම යොදාගෙන ඇති බවත්, එම ගීතයට නර්තනය සපයන නර්තන කණ්ඩායම් වලට මුදල් ගෙවා එම සේවාව ලබා ගනිද්දී අදාල ගීතයට කිසිදු මුදලක් ගෙවීමට හෝ අවම වශයෙන් නිර්මාණ කරුවන්ගේ නම් සඳහන් නොකිරීමට රූපවාහිනී නාලිකාව කටයුතු කිරීම සම්බන්ධයෙන් කණ’ගාටුව පළ කරමින් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන තුසිත නිරෝෂණ මුහුණු පොත හරහා සටහනක් තබා තිබුණා .

එහි සඳහන් වූයේ මෙවැන්නක් .

හිතවත් Hiru TV, Viva සමඟින් අද විකාශය වූ සූර්ය සිංහලේ අවූරුදු වැඩසටහන හා තවත් වැඩසටහනක නර්තන කණ්ඩායම් සඳහා ගෙවීම් කර වැඩසටහන ලස්සන කරගන්න අතරම , කිසිදු දැනුම් දීමකින් තොරව ඔවුන් නර්තනයට ගන්නා අපේ අවුරුදු ගීත වලට ඔබට ගෙවීම් කිරීමට ආර්ථික අපහසු කම් ඇත්නම් නම් අවම අපේ නම් සඳහන් කරන්නවත් සදාචාරාත්මක වන්න. ස්තූතියි”