කලා ලොවේ රසකතාවක් ශ්‍රීයන්ත මෙන්ඩිස් කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍යය ලංකාව පුරාම වේදිකා ගතවුණා. නාට්‍ය කණ්ඩායම සංදර්ශණ වලට ගියේ පරණ බස් එකකින් ඒ නිසා ඒ බස් එක නිතර නිතරම කැඩුණා. එදා අපි ගියේ අම්බලන්තොට ෂෝ එකකට.
එදත් පුරුදු විදිහටම බස් එක මගදි කැඩුණා. මං බස් එකෙන් ඔලුව දාලා බැලුවාම ඒ රන්න ප්‍රදේශය කියලා දැන ගත්තා.
මේ ලදරම හැමදාම කැඩෙනවම තමා
කමල් අද්දර ආරච්චි ඉඳන් හිටපු සීට් එකෙන් නැගිට්ටෙ කේන්තියෙන්. ‘තව පැය දෙකකටවත් මේක හදාගෙන මෙතැනින් යන්න වෙන්නෙ නැහැ. අදත් අපි යනකොට ෂුවර් නාට්‍යය කැන්සල් වෙනවා.’
කමල් එහෙම කියාගෙනම බස් එකෙන් බැස්සා. ඊට පස්සෙ කැලෑ මණ්ඩිය පැත්තට ඇවිද ගෙන ගියා.
චුට්ටකින් එයා ආපහු ආවෙ ලොකු ගල් ගෙඩියක් උස්සගෙන.
අර මොකටද බං කමල් ගලක් උස්සන් එන්නෙ?
අපේ කෙනෙක් ඇහුවා
කවුරු දන්නවද බං
ටික වෙලාවක් ගියා. මේ පාරේ අයිනෙන් දුමක් නගිනවා.
මේ මොකක්ද වෙන්නෙ බලන්න මමත් බස් එකෙන් බැස්සා. කමල් පාර අයිනේ ලිපක් බැඳගෙන මැටි මුට්ටියක මොනවාදෝ තම්බනවා.
මොනවද කමල්?
මං ඇහුවා?
කසායක්. මේක පත අට එකට හිඳෙනකම්වත් ඔය බස් එක හැදෙන්නෙ නෑ. ඒකයි මම මේ එතකන් කසාය තම්බගන්න හැදුවෙ.
කමල් කිව්වෙ හිනාවෙවී
එයා කිව්ව වගේම බස් එක හැදෙනකොට කසාය පත අට එකට හිඳිලා. 

20210418Sriyantha-1