The Game ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය අරඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ The Game චිත්‍රපටය පසුගිය දා තිරගතවීම් ආරම්භ කළා. රංජන් රාමනායක, ශ්‍රියන්ත මෙණ්ඩිස්, ජනිත් වික්‍රමගේ, බුද්ධික ජයරත්න, තරින්දි ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන The Game චිත්‍රපටය මේ වනවිට දිවයින පුරා සිනමා ශාලා රැසක අති සාර්ථක අයුරින් ප්‍රදර්ශනය වනවා. එමෙන්ම එළඹෙන සතියේ The Game චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේද ප්‍රදර්ශනය ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මෙල්බන්, සිඩ්නි, ටස්මේනියාව සහ පර්ත් යන ප්‍රදේශවල අගෝස්තු මස තුළදී The Game චිත්‍රපටය තිරගත වනවා. එමෙන්ම ඉදිරි කාලය තුළදී ශ්‍රී ලාංකිකයන් වෙසෙන රටවල් රැසක මෙම චිත්‍රපටය තිරගත කරන බවට අපට දැනගන්නට ලැබුණා.