Travel With Wife ගේ සුරංගනාවිය එලීනාගේ පළමු උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

TRAVEL WITH WIFE මෙයාලා නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. මෙයාලගේ වීඩියෝ නොබැලු කෙනෙක් නැති තරම්. ලංකාවේ වගේම ලෝකෙම සුන්දරත්වය අපේ ඇස් ඉදරියට ගෙන්න තමයි මෙයාලා කටයුතු කරන්නේ. චමරි සහ කසුන් මේ ආදරණිය යුවලට ලංකාවේ ආදරණිය යු ටියුබ් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරනවා. නමුත් දැන් ඒ ආදරය වැඩියෙන් ලැබෙන්නේ චමරිට සහ කසුන්ට නොවේ. එලීනා මැණිකට. මේ දෙන්නගේ සුරංගනාවියක් වගේ ලස්සන දූ සිගිත්තිය එලීනා අබිමන්ත්‍රාට.

පුංචි එලීනා දැන් ලොකුයි. එයාට දැන් හරියටම අවුරුද්දක්. ඉතින් දෝනිගේ හුරතල් වැඩ එක්ක මේ දෙන්නා ලස්සන ජිවිතයක් ගත කරනවා. දැන් ප්‍රේක්ෂකයින්ගේ අලුතම ට්‍රැවල් ප්‍රින්සස් තමයි එලිනා. එලීනා ඉන්න වීඩියෝ එකක් එනකන් හැමෝම වගේ මග බලන් ඉන්නවා. හරිම හුරතල් දියණියක් තමයි එලිනා කියන්නේ. එලීනා පලවෙනි උපන්දිනය දවසේ උදෙන්ම පන්සල් ගිහින් තිබුනේ අම්මා තාත්තා එක්ක. ඊට පස්සේ පුංචි පාටියක් එයා වෙනුවෙන් සුදානම් කරලා තිබුනා. ඒ වගේම දුප්පත් ළමයින් වෙනුවෙන් තෑගී දෙන්නත් ඔවුන් අමතක කරේ නැහැ.

එලීනා දෝනිට අපිත් මුළු හදවතින්ම සුබ උපන්දිනක් වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.