අපිට කවදාවත් ගෙදරක් ගන්න හම්බුණේ නෑ, ගෙවල් 14ක අපි ඉඳලා තියෙනවා රෙන්ට් එකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. 
ඒ වගේම තමයි ඇයට විටෙක විවේචන, ගැරහුම් එහෙමත් එල්ල වෙනවා. හැබැයි මේ හැමදේම ඉතසිතින් භාරගෙන බොහෝම සතුටින් කල් ගෙවන දිනක්ෂි දැන් පුංචි දූ පැටියෙක්ගේ අම්මා කෙනෙක්. ඇය විවාහ වෙලා ඉන්නෙ, රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟ යි. ඉතින් දිනක්ෂි පසුගිය දවසක 'ලංකාදීප' පුවත්පත සමඟ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙලා හිටියා. මේ තියෙන්නෙ ඇය එහි දී දැක්වූ අදහස්.

 
පොඩි කාලේ හිතුවද රඟපාන්න පුළුවන් කියලා..?

දැනුත් කට්ටිය කියනවා මට රඟපාන්න බෑ කියලා. නමුත් මට වැඩක් නෑ ඒක. මම ආස දේවල් මම කරනවා. පොඩි කාලේ රඟපාන්න ලැජ්ජයි. ස්කූල් එකේදී ස්ටේජ් ඩ්‍රාමාවලට ගියාම පවා මම බැහැලා ආවා.
 
සෝශල් මීඩියා හොඳටම පාවිච්චි කරපු කෙනෙක් තමයි ඔයා ?

මම ෆෑන් පේජ් එක පටන් ගත්තෙ එන්න කලින්මයි. ඒ දවස්වල ලෝකේ ගොඩක් එහා තිබුණේ. අපි ඉන්ටනෙට් එකේ බලද්දි පේනවා මිනිස්සු ඉන්නෙ වෙන තැනක කියලා. වීඩියෝ නම් ඒ කාලේ දාන්නවත් හිතෙන් නෑ. ඒ දවස්වල අඩුයි සෝශල් මීඩියාවල කට්ටිය. මටත් මුල් දවස්වල ෆලෝස්ලා 1000ක් එන්නත් මාස ගාණක් ගියා. අද කොච්චර සෝශල් මීඩියා ව්‍යාප්ත වෙලා ද ?
 
බෑඩ් කමෙන්ට්ස් දකිද්දි හිතෙන දේ ?

මුල් කාලේදී හරි දුක හිතුණා. මම හරියට කළකිරිලා හිටියේ. ඩිප්‍රෙස්... මික්ස් ෆීලින්. නමුත් කාලෙත් එක්කම අපිත් ඒක හදාගත්තා. ෆේස්බුක් එකෙත් එහෙම තමයි. එකම දේනෙ හැමෝම කියන්නෙ. දැන් නම් ඇත්තටම අවුල් යන් නෑ. සමහරක් වෙලාවට ඉතින්.... කියන්න උත්සාහ කරත් කියලා වැඩක් නෑ හිතෙනවා.
 
ඇත්තටම පුංචි කාලේ ජීවිතේ කොහොමද ගතවුණේ ?

අපි පොඩි කාලේ ඉඳන් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්න පවුලක්. අපිට කවදාවත් ගෙදරක් ගන්න හම්බුණේ නෑ අම්මට තාත්තට. අපි හැමදාම හිටියේ කුලියට. ගෙවල් 14ක අපි ඉඳලා තියෙනවා රෙන්ට් එකට. ඒ වුණාට අම්මියි තාත්තියි දෙන්නම හොඳ ස්කූල් වලට යැව්වා. ඒවට වියදම් කරලා, අඩුපාඩුවක් වෙන්න තිබ්බේ නෑ. තාත්තිගේ රස්සාවේ ප්‍රශ්නත් එක්ක අපි සෑහෙන්න ප්‍රශ්නවලට මූණ දුන්නා. සමහර දවස්වලට කන්න බොන්න පවා තිබ්බේ නෑ. මම දැකලා තියෙනවා අම්මි කොච්චර දුක් විඳලා තියෙනවාද කියලා අපි වෙනුවෙන්. අම්මා ගොඩක් මහන්සි වුණා. අම්මට ඇඳුම් මහන්න පුළුවන්. ඒ හින්දා මට ඕනි වුණා පොඩි කාලේ ඉඳන් අපි හැමෝටම ඉන්න පුළුවන් ගෙයක් ගන්න. මම ටිකක් ඉගෙන ගන්න දක්ෂයි. මම යුනිවසිටි ගිහින් හම්බ කරන්න ගත්තා. පස්සෙ අධ්‍යාපනය නවත්තලා ෆුල් ටයිම් වැඩ කළා. ඒ හම්බෙච්ච සල්ලිවලින් තමයි 2017 (මට අවුරුදු 27යි.) මුලින්ම ගෙයක් ගත්තේ.