අමායා අධිකාරි පුංචි පැටව් දෙන්නගේ තෙවැනි උපන්දිනය සමරපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දැන්නම් අපට වැඩිය රූපවාහිනිය ඔස්සේ දකින්න නොලැබුනත් අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කවුරුත් නම ඇසු සැනින් දන්න ජනප්‍රිය චරිතයක් තමයි අමායා අධිකාරි කියලා කියන්නේ. ඉතින් ඇය නිරූපණ ශිල්පිනියක් වගේම කළා ක්ෂේත්‍රයට පිවිසුනාට පස්සේ ඇය රංගන ශිල්පිනියක් ලෙසද බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගැනීමට සමත් වුණා.

ඉතින් ඒ වගේම සල් සපුනා ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය එම ටෙලිනාට්‍යයේ රංගනයත් සමඟ අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම රූපයෙන්ද සුන්දර තරුණියක් වන අමායා විලාසිතාවන්ට දැඩි කැමැත්තක් දක්වන තරුණියක් විදිහටත් ජනප්‍රියයි. කොහොම නමුත් අමායා මීට පෙර විවාහ වෙලා සිටි කෙනෙක් කියන්නත් අපේ රටේ කාටත් රහසක් නම් නෙමෙයි. ඒ අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන අතුල අධිකාරි සමඟයි.

ඉතින් ඇය පළමු වරට විවාහ වුනේ අතුල සමඟ නිසා මේ විවාහය පිළිබඳවත් අපේ රටේ බොහෝ දෙනෙක් අතර මෙන්ම සමාජ මාධ්‍ය තුලත් අතිශයින් කතා බහට ලක්වුණා. ඉතින් මේ අතුල අමායා දෙදෙනාට ආදරණීය දියණියක්ද ඉන්නවා. කොහොම නමුත් ඉන් පසුව අමායා හර්ෂ දනොෂ් කියන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියාත් සමඟ මේ වනවිට ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ යුවළටත් මේ වෙද්දී පුංචි දරු පැටව් දෙන්නෙකුත් ඉන්නවා.

ඉතින් මේ පුංචි පැටව් දෙන්නගේ 3වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ලස්සන කේක් එකක් කපලා බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූපයක් අමායා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් පවසලා තිබුනේ මගේ ලොකුම ආශීර්වාදය මට අම්මා කියලා කතා කිරීමයි කියලයි.