උමාරියා සිංහවංශ දැන් උපදෙස් දෙන්නත් පටන් අරගෙන වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තාරකාව උමාරියා කිව්වොත් නිවැරදියි. ඕනෑම සංගීත ආරක් ගායනයට ඇති හැකියාව නිසාම උමාරියාගේ ගීත එකිනෙකට වෙනස්. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න එය ප්‍රබල හේතුවක්.

තමන්ගේ නමින් පවතින සමාජ ජාලා නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් තමන්ගේ ප්‍රේක්ෂකාගාරය පවත්වාගෙන යන කලාකාරිනියන් අතර උමාරියා ඉදිරියෙන් ඉන්නවා. ප්‍රසිද්ධ වේදිකාව ඉදිරිපිට වගේම සයිබර් අවකාශයේද උමාරියා ඒ නිසා ජනප්‍රියයි.

පසුගිය දිනෙක උමාරියා තමන්ගෙ ෆේස්බුක් ගිණුමෙ ලස්සන ඡායාරූපයක් සමඟ උප්දේශනාත්මක සටහනක් පළ කරලා තිබුණා.

එම සටහන සහ ඡායාරූපය පහත දැක්වෙනවා.

"අපි අපේ ජීවිත ගමනට විතරක් අවධානය දෙමු. අනෙක් අයගේ උපකල්පන හෝ කතා අපට අදාළත් නෑ, අපිට බාධාවක් විතරයි. ජීවිතය අපිව බිඳ දාන්න හැදුවට නැවත නැවත නැගිටලා, අමාරුවෙන් හරි, හිනාවෙලා ජීවිතේ ජය ගමු. "