ඔළුවෙන් හිටගෙන ඉතා අපහසු යෝගා ව්‍යායාම කරන ගායන ශිල්පිනී කොරීන් අල්මේදා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරීන් අල්මේදා කියන්නේ මෙරය ගායන ක්ෂේත්‍රයේ බටහිර ශෛලියෙන් ගීත ගයන ගායන ශිල්පිනියන් අතර ජ්‍යේෂ්ඨ ගායන ශිල්පිනියක්. නිතර ප්‍රසංග වේදිකාවේදී මුණගැහෙන ඇයගේ විශේෂත්වය් වන්නේ එදා මෙන්ම අදත් ඇගේ සුන්දරත්වය එක ලෙසම පැවතීමයි.

මෙරට ගායන ක්ෂේත්‍රයේ වියපත් නොවන ගායන ශිල්පිනියක් හැටියට කොරීන් අල්මේදාව හඳුන්වන්න පුළුවන්.

ඇයගේ තරුණ බවේ රහස ඇය පසුගියදා හෙළි කළා. ඒ ඇය යෝගා ව්‍යායාම කරන් බවයි. පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමේ දීර්ඝ සටහනක් පළ කරමින් ඇය යෝගා ව්‍යයාම තුළින් ඇති වාසි සඳහන් කරලා තිබුණා. ඇය පළ කළ සටහන පහ්ත දැක්ව්ව්නවා.

"විශ්වය මට ඉතා කරුණාවන්ත වෙලා. සෑම දෙයක්ම නියම වේලාවට සිදුවෙනවා. මගේ යෝගා ගුරුතුමිය වන අනෝජා වීරසිංහ (අක්කි) සහ ඇයගේ අපූරු උපදේශක කණ්ඩායමෙන් මම පසුගිය වසර කිහිපය තුළ බොහෝ දේ ඉගෙන ගත්තා... ඒ සෑම කෙනෙකුටම මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. යෝගා සහ භාවනාව අභ්‍යන්තර ශක්තිය, මනසේ ඒකාග්‍රතාව, සමාධිය, සමබර ස්ථාවර මනසක්, අභ්‍යන්තර ආත්මයට සම්බන්ධ වීම, අරමුණේ පැහැදිලි බව, සතුට සහ අවබෝධය සොයා ගැනීමට මට ඉගැන්වූ ගමනක්. පවතින සියලු අවුල් සහ උන්මාදයන් හරහා ගමන් කිරීමට එය මට බොහෝ උපකාර කරනවා."