ඕලෙවල් ලියන ප්‍රවාහන අපහසුතා ඇති සිසුන්ට ෆ්ලෑෂ්බෑක් වාහනයෙන් නොමිලේ ප්‍රවාහන පහසුකම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එලිමහන් ප්‍රසංග වේදිකාවේ හිනිපෙත්තේ සිටින සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ්බෑක් කියන්නේ. ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම විවිධ සමාජ මෙහෙවර කටයුතුවලද නිරත වන බව නොරහසක්. ඉතින් අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ ලියන සිසු දරුවන්ට විභාගය අවසන් වන තෙක් ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන අපහසුතා ඇති මාරවිල සිට මීගමුව දක්වා ඉන්නා සිසුන්ට උදෑසන ෆ්ලෑෂ්බෑක් වෑන් රථය ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා. ඒ පිළිබඳව ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු මෙලෙස සටහනක් තබා තිබුණා.