ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ තම ආදරණීය බිරිදගේ උපන්දිනය සමරමින් තැබූ ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තීක්ෂණ අනුරාධ කියලා කියන්නේ අපේ රටේ සිටින අති දක්ෂ ගායකයෙකි. වසර ගණනාවක සිටම රසිකයන්ගේ ආදරයට ලක්වන ආකාරයේ ගීත ගායනා කිරීම මගින් රසික සිත් ආකර්ශනය කර ගැනීමට ඔහු සමත් විය. වර්තමානයේ ඉක්මනින් තරු බවට පත්වී ඉක්මනින්ම වේදිකාවෙන් මැකී යන ගායකයන් අතරේ තීක්ෂණ අනුරාධ කියලා කියන්නේ රසික සිත් වලින් කිසිදාක මැකී නොයන තරුවකි. ඒ තරමටම ඔහු ඔහුගේ සංගීත ගමන සාර්ථක කර ගෙන ඇත.

මේ සියලුම දේ ඔහුට සාර්ථකව තනියම කළ නොහැක. අනිවාර්යයෙන්ම එයට උදව් කරන තමන්ට ශක්තියක් වන කෙනෙක් සිටියි. තීක්ෂණ අනුරාධයේ අම්මා සහ තාත්තාගෙන් පසුව ඔහුට ලැබුණු ඒ වටිනාම පුද්ගලයා වන්නේ ඔහුගේ ආදරණීය බිරිදයි. මෙතෙක් කල් ඔහුට ඔහුගේ ගමන සාර්ථකව ගමන් කිරීමට පිටුපසින් සිට ශක්තියක් වූයේ ඇයයි. ඉතින් මේ ආදරණීය බිරිද නොසිටින්න තීක්ෂණ අනුරාධ කියන චරිතය මේ තරම් සාර්ථක නොවෙන්නත් ඉඩ තිබුණා. ඔහුගේ සෙවනැල්ල මෙන් හිද ඔහුට උදව් උපකාර කළ ඔහුගේ බිරිදගේ ඉපන්දියන ඊයේ දිනට යෙදී තිබුණා. ඉතින් තීක්ෂණ අනුරාධ ඇයගේ උපන්දිනය සමරන ගමන්ම ඇය ගැන මේ වගේ ආදරණීය සටහනක් ද ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබුණා.

” Happy Birthday සූ… පිරිමියෙකුගේ ජීවිතේ සාර්ථක අසාර්ථක බාවයට තම බිරිදගේ සහයෝගය අනිවාර්යයෙන්ම බලපානවා කියලා මම දැනගෙත්තේ මගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි. මට ඒ දේ ගොදටම දැනුනේ ඔයාව විවාහ කරගත්තමයි. මම අද ඒ දේ අත්විදිනවා. 2006 අප්‍රේල් මස 7 වෙනිදා කියලා කියන්නේ මගේ ජීවිතයේ තීරණාත්මක දවසක්. මම හිතනවා ඒ මගේ ජීවිතයේ තියෙන වැදගත්ම දවස් වලින් එකක්. එදා තමයි මට ඔයාව හමුවුණු දවස. එදා ඒක මට ලොකූ දෙයක් විදියට දැනුනේ නෑ. මට දනුනේ නිකන්ම කෙල්ලෙක් එක්ක යාලුවෙනවා වගේ හැගීමක්. නමුත් දැන් තමයි මට තේරෙන්නේ එදා මම ගත්ත තීරණේ මගේ ජීවිතේ වැදගත්ම සහ වාසනාවන්ත තීරණයක් කියලා. එදා මට ඔයාව හමුවුණු දවසේ ඉදන් මගේ ජීවිතේ වෙනස් මගකට යොමු වුණා. ඔයා මාත් එක්ක හිටියේ මට හොද තැනක ඉන්නකොට විතරක් නෙවෙයි. මගේ නැති බැරි කාලෙදි වගේම මගේ දුකේදි වගේම සතුටේදිත් ඔයා මාත් එක්ක ඉන්න විදිය හරිම පුදුමයි සූ.. අපි දෙන්නට මොන තරම් බාධක ප්‍රශ්න ආවත් ඔයා මාව කවදාවත් අත හැරියේ නෑ. ඒ හැම බාධකයකදී ඔයා මාව ආරක්ෂා කරගෙන මේ ගමන ගියා. ඒ දේවල් ගැන හිතද්දී මට කවදාවත් මගේ දරුවෝ ගැන බයක් දැනෙන්නේ නෑ සූ.. මම දන්නවා ඔයා එයාලවත් හොදට ආරක්ෂා කරනවා කියලා. ඔයා හොද බිරිදක් වගේම හොද අම්මා කෙනෙක්. මම අද යම් සාර්ථකත්වයක ඉන්නවනම් ඒ සාර්ථකත්වයට මගේ අම්මා තාත්තා වගේම ඔයාත් ගොඩාක් බලපෑවා සූ.. මට මගේ දරුවෝ දෙන්නා ගැන වගේම ඔයා ගැනත් හරිම සතුටුයි. මම ඔයාට ගොඩාක් ආදරෙයි සූ.. ඔයාට නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා.”

තීක්ෂණ අනුරාධ ඒ විදියට තමයි තම ආදරණීය බිරිද ගැන ඉතාමත් සෙනෙහසින් යුත්කව සටහනක් තබා තිබුණේ. ඉතින් ඉදිරියටත් මේ වගේ ආදරෙන් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට ඔවුන් දෙපලට වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්. ඇයටත් සුබ උපන් දිනයක් වේවා කියලා අපේ සුබපැතුම් එකතු කරනවා. ඇයගේ සුන්දර චායරූප පෙළක් නැරඹීමට ඔබට ආරාධනා කරනවා.