ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා නැගණියත් සමගින් උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විරාජ් පෙරේරා කියන්නේ අපේ රටේ සිටින ගොඩක් ජනප්‍රිය ගායකයෙක් බව ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපේ රටේ තරුණ තරුණියන් ඔහුගේ ගීත අසන්නට ගොඩක්ම කැමැත්තක් දක්වන්නේ ඔහුගේ ගායන විලාශය සහ ඒ කට හඬට කැමති නිසාමයි. එමෙන්ම ප්‍රසංග වේදිකාවේත් ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතයක්. ඒ වගේම තමයි ඔහු දුප්පත් මිනිසුන්ටත් ගොඩක් උදව් කරනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. මීට ටික කාලයකට කලින් සමාජ මාධ්‍ය තුල වීඩියෝවක් දකින්නට ලැබුනා. ඒ තමයි විරාජ් පෙරේරා විසින් පාරේ ගීත ගයනා කරන පුද්ගලයෙකු අසලට ගොස් තමාගේ ගීත ගයනා කරමින් ඒ අහිංසක මිනිසාට එදා දවසේ අදයමටත් වඩා මුදලක් සොයා දුන්නා. දැන් අපි කියන්න සුදානම් වෙන්නේ විරාජ් ගැනනම් නෙවෙයි ඔහුගේ පවුලේ කෙනෙක් ගැන. ඒ තමයි විරාජ්ගේ ආදරණිය නැගණිය. ඔහුට සහෝදරියක් ඉන්නවා කියලා බොහෝ දෙනෙකු දන්නේ නම් නැතිවත් ඇති.

මොකද විරාජ් පෙරේරා ලංකාවේම ගොඩක් ජනප්‍රිය කෙනෙක් වුනත් ඔහුගේ නැගණිය නම් වැඩිය දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි. කොහොම වුනත් තමන්ගේ අයියා ජනප්‍රිය කෙනෙක් කියලා ආඩම්බරය පෙන්වමින් සිටිය කෙනෙකුත් නෙවෙයි. විරාජ් වගේම ගොඩක් නිහතමානී කෙනෙක්, ඇයගේ නම ඔශිනි. දැනගන්න ලැබෙන විදියට විරාජ් වගේම ඔශිනිත් දෙදෙනාගේම උපන්දිනය තමයි මේ විදියට සමරලා තියෙන්නේ, විරාජ්ගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ සැප්තැම්බර් දොළොස් වැනිදා. ඒ වගේම ඔශිනිගේ උපන්දිනය සැප්තැම්බර් දහ වෙනිදාට යෙදිලා තිබුනා. ඉතින් මේ දින දෙකම සමාන වෙන විදියට ලස්සන කේක් එකකුත් කපලා මේ දෙදෙනාම දිනය ලස්සනට සරසලා තිබුනා. නමුත් අමුත්තන් නම් සහබාගි කරගන්න බැරි නිසා පවුලේ අය විතරක් එකතු වෙලා මේ දිනය ලස්සනට සරසමින් සමරලා තිබුනේ.