ජනප්‍රිය රංගන ශිල්පී අශාන් ඩයස් ලෝකේ එහා කොණට ගිහින් ලෝකෙට කිව්ව දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අශාන් ඩයස් කියන්නේ සිනමාවේ සහ පුංචි තිරයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රංග පෞරුෂයක්. අලිමංකඩ, සිරිපැරකුම්, සරිගම, විජයබාකොල්ලය, සුපර්ණා යන චිත්‍රපට තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආ අශාන් රංගන ශිල්පියෙක් මෙන්ම ඉංග්‍රීසි නිවේදකයෙක් ලෙසද කටයුතු කරනවා.

අශාන් මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ප්‍රසංග මාලාවක නිවේදන කටයුතු කරන්න ගිහින්. අශාන් මෙල්බන් සිට තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සේයාරුවක් සමඟ සටහනක් පළ කරලා තිබුණා. මෙල්බන් වගේ ලෝකයේ දියුණු නගරයක සිට අර්බුද රැසකට මුහුණ ලංකාවේ වත්මන් තත්ත්වය සහ ඒ ගැන ඔහුගේ නැඟීම එම ලියවිල්ලේ සටහන් වෙලා තිබුණා. පහත සඳහන් වන්නේ අශාන් ඩයස්ගේ ලියවිල්ලේ සිංහල පරිවර්තනයයි.

"මෙන්න මගේ දෙවන නිවස වන මෙල්බර්න්... මම ඔබ දෙස බලා ඉන්නවා.

මම ඔබට ආදරය කරන තරමට මට ඔබව මඟහැරුණා ... මගේ මවුබිම වන ශ්‍රී ලංකාව මේ වනවිට මුදල්, විදුලිය, ඉන්ධන නොමැති සහ එය නිවැරදි කිරීමට තරම් උනන්දුවක් දක්වන දේශපාලකයෙකු නොමැති දූපතක් වෙලා.

ඉක්මනින්ම හමුවෙමු මගේ ශ්‍රී ලංකාව"