දිනේෂ් තරංග දූලා දෙන්නත් එක්ක එකතු වෙලා බිරිඳගේ උපන්දිනේ සමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ ගොඩක් ජනප්‍රිය ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ඒ වගේම තමයි ඔහුගේ විවාහය ගැනත් පසුගිය කාලයේ රටේම කතාබහ වුනා. දැන් මේ ආදරණීය පවුල හරිම ලස්සනට ජිවත් වෙනවා අපිට දකින්න ලැබෙනවා. ඉතින් දිනේෂ්ගේ ආදරණිය බිරිඳගේ උපන්දිනය ඊයේ දිනයට දීලා තිබුනා. එහිදී ඔහු බිරිඳට සුභ පතමින් සටහනක්ද පලකරලා තිබුනේ මේ විදියට. ‘සුභම සුභ උපන්දිනයක් වේවා මැණික. මට මේ ලෝකෙ මම”ම වෙන්න පුළුවන් තැනක් තියෙනව නම්, ඒ ඔයා ළඟ විතරයි. අවුරුදු ගාණක් මාව උහුලගෙන මේ තරම් දුර ආවට ඔයාට ගොඩක් ස්තූතියි. කවදාවත් මගේ අත අතාරින්න එපා.මම හැමදාමත් ඔයාට මහා ගොඩක් ආදරෙයි’. කියමින් මේ විදියට උපන්දිනය සමරලා තිබුනේ දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ කැදැල්ලේ සිටින පුංචි සුරතලාද එකතු කරගනිමින්.


ඒ එක්කම මේ දෙදෙනාගේ විවාහය ගැනත් වැඩියෙන් කතාබහ වෙන්නට පටන් ගත්තේ දිනේෂ් ඔහුට වඩා වැඩිමල් තරුණියක් එක්ක විවහා වීම නිසා. ප්‍රේක්ෂකයින් අතරේ වැඩි පිරිසක් ඔවුන්ට සුභ පතද්දී තවත් ටික දෙනෙක් විවිධ කතාද කියනවා. ඔහු මේ විදියට විවාහා වෙලා ඉන්නේ රැන්ඩෙලා ප්‍රනාන්දු කියන තරුණියත් එක්ක. මේ දෙදෙනාගේ ආදර කතාවත් හරිම ලස්සන එකක්. නමුත් එක දිනක් ඔහු මාධ්‍යට අදහස් දක්වමින් මේ විදියට කියලා තිබුනා. අපි දෙන්නා එකම ගමේ හිටියේ, ඒ කලේ පල්ලියට යද්දී එකට යන්නේ. සංගීත කණ්ඩායමේ අපි දෙන්න ගීතත් ගයනා කරනවා. ගොඩක් කාලයක් ඒ විදියට යාලුවෝ වගේ තමයි හිටියේ. ඉන් පස්සේ මම ඇයට මගේ ආදරේ ගැන කිව්වා, ඒ වැලන් ටයින් දවසේ. ඇයත් මට කැමති වුනා එහෙම අපි දෙදෙනා ආදරේ කරලා මේ ගැන ගෙවල් වලටත් කිව්වා. අපි දැන් විවාහා වෙලා වසර දෙකක් වෙනවා. අපි දෙන්නා හරිම ආදරෙන් ඉන්නේ, මම එයාට අම්මි කියනවා, එයා මට තාත්ති කියනවා. සමහරු අහනවා ඇයි මේ වගේ කෙනෙක් එක්ක විවාහා වුනේ කියලා. ඇය මට වඩා වැඩිමල් කෙනෙක් ඒ වගේම ගොඩක් ලස්සන නැතුවැති. හැබැයි ආදරේ කරන්න ඔය කියන කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ.