ධරණී ටෙලි සිත්තමේ සුරුපිනිය හේෂානි ලියදිපිට තම උපන්දිනය අපුරුවට සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ධරණි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හරහා ඔබේ ආලින්දයට පැමිණෙන සුරුපිනිය ගැන නම් මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය නමින් හේෂානි ලියදිපිට. හැඩකාර, දඟකාර, විසේකාර  චරිතයක් නිරූපණය කරන හේෂානි, සෞන්දර්ය සරසවියේ තෙවැනි වසරේ උපාධි අපේක්ෂිකාවක් වනවා. බොහෝ දෙනාගේ ආදරය, ආකර්ශනය දිනා ගත් ඇය දැන් පුංචි තිරයට නැතුවම බැරි තරම්. බොහෝ දෙනා ඇය ගැන වැඩිපුරම කතා කරන්නෙ ධරණිගෙ සටන් කිරීමේ හැකියාව ගැන. මොකද ඇය එම නාට්‍යයෙහි තාත්විකව සටන් ජවනිකා ඉතාමත් දක්ෂ ලෙස ඉදිරිපත් කරන නිසා. ඇය තම පළමු ටෙලි නාට්‍යය තුළින් සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වී තිබේනවා. ඇය 2020 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළා. හේෂානිගේ උපන්ගම අංගොඩ, ඒ වගේම ඇයගේ පවුලේ අම්මයි අප්පච්චියි, අක්කයි, අයියයිලු ඇය තමයිලු පවුලේ බාලයා. හේෂානි අධ්‍යාපනය හදාරන්නේ යශෝදරා බාලිකා විද්‍යාලයෙන්. ඉතින් දැන් වයස අවුරුදු 25 ක් වන ඇය පසුගිය දවසක ඇයගේ උපන්දිනය අපූරුවට සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.ඉතින් ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන්ම අපූරු ලස්සන ෆොටෝශූට් එකක් කරන්නත් ඇය අමතක කරල තිබුනේ නැහැ. ඉතින් මේ අපූරු අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Awarjana Photo Gallery ආයතනය විසිනුයි.ඉතින් අපි ඇයට සුභ උපන්දිනයකට අසිරි පතන ගමන් ඇය ඒ අවස්ථාවේ ගත් සුන්දර චයාරුප පෙළත් අපි අද ඔබට ගෙන අවා.