නටන්න ගිහින් කකුල ලිස්සලා වැටිලා සිහිය නැති වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉලන්දාරියෝ, හුස්මක් තරමට, හේලි, රැස්, දිවිතුරා යන ටෙලිනාට්‍යවල විවිධ චරිත හරහා ඔබට සමීප වුණු ඇය, නිලූෂි පවන්‍යා. ඇය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් බව ඔහ අප දන්නා කරුණක්. ඇය රංගනයට වගේම නැටුමට, නිවේදනයටත් විශාල දායකත්වයක් දක්වනවා. පසුගිය දවසක ඇයට ලොකු අකරතැබ්බයක් සිදුවෙලා. ඉතින් අපි ඇයගේ සුවදුක් විමසා බැලුවේ මේ විදියට.
 

ඔබට දැන් කොහොමද නිලූෂි?

දැන් නම් සනීපයි.

නිලූෂි මේ දවස්වල නැට්ටුක්කාරියක් වෙලා වගෙයි?

ගොඩ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ මට නටන්න පුළුවන් කියලා. හිරු මෙගා ස්ටාර්ස් ජයග්‍රහණය හරහා තමයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඒ වෙනස තදින්ම දැනුණේ. ඉතින් මම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව තමයි මේ. මගේ හැකියාවන් දැකලා මාව ඉදිරියට ගෙන යන මගේ ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පුද කරනවා.

මෙවැනි ප්‍රාසාංගික වේදිකාවකදී දැනුණු වෙනස කොයි වගේද?

මට එය නුහුරු අත්දැකීමක්. ඒ වගේම එකම වේදිකාවක අපේ කලා ක්ෂේත්‍රයේ ශිල්පීන් අතර ලොකු තරගයක් තියෙන්නේ. දක්ෂ ශිල්පීන් රැසක් මේ සඳහා තරග කරනවා. ඔවුන් සමග මමත් තරග කරනවා.

ඔබට බලාපොරොත්තුවක් තියෙනවද ජයග්‍රහණයක් හිමි වේවි කියලා?

මම උත්සාහ කරන්නේ කරන දේ හරියට කරලා ප්‍රේක්ෂකයන්ට වෙනසක් එකතු කරන්නයි. ඒ වෙනුවෙන් මම උපරිම මහන්සි වෙනවා. මගේ සහායට ලහිරුත් ඉන්නවා. ඉතින් ඔහුගෙනුත් ලොකු සහායක් ලැබෙනවා.

නටන්න ගිහින් කරදරයක් වුණා කියලා ආරංචියි?

ඔවු, පුහුණුවීම් අතරතුර ලිස්සලා ගිහින් ඔළුව වැදුණා. දවසක් විතර සිහිය නැතුව තමයි හිටියේ. ඒ වෙලාවේ මට මොකද වුණේ කියන්න මම දන්නේ නැහැ.

‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘වින්දි’ ගැන කතා කළොත්?

ප්‍රතිචාර නම් හොඳට තියෙනවා. වින්දි ගමක ඉඳලා එන ගැහැනු ළමයෙක්. අගස්ති සමග පැටලෙන ආදර කතාවත් එක්ක තමයි වින්දි චරිතය ගලාගෙන යන්නේ.

ඔබ වඩාත්ම කැමැති නර්තනයටද, නිවේදනයටද එහෙමත් නැත්නම් රංගනයටද?

කෙටියෙන්ම පැවැසුවොත් මම ගොඩාක්ම කැමැති නිවේදන කටයුතුවලට. මොකද පාසල් කාලයේ ඉඳලා මගේ තිබුණු සිහිනයක් තමයි නිවේදිකාවක් වෙන එක. දැනටමත් මම වැඩසටහන් කිහිපයක නිවේදන කටයුතු කරගෙන යනවා.

ඔබ ආපු මේ කෙටි කාලය තුළ ලබන සතුට ගැන කතා කළොත්?

ගොඩක් සතුටුයි. මම මේ ආපු ගමන ගැන කාටවත් ඇඟිල්ල දික්කරලා මට මොනවත් කියන්න බැහැ. හරි විදියට පිළිවෙළකට ආපු කෙනෙක් මම. මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2015 වර්ෂයේ. රඟපෑමට ඇවිත් එතරම් ලොකු කාලයක් නැහැ. පුංචිම තැනක ඉඳන් මම මේ විඳින සතුට කියන්න වචන නැහැ.

නිලූෂිගේ ආදරවන්තයා ගැනත් දැනගන්න අපි කැමැතියි?

මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.

වසන්ත විතාරණගේ