නිළි සංජීවනී වීරසිංහ මුහුණු පොතේ තැබූ ආන්දෝලනාත්මක සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිළියක් මෙන්ම රංගන ශිල්පිනියක් ද වන සංජීවනී වීරසිංහ ඇගේ මුහුණු පොතට එක් කළ සටහනකට මේ වන විට බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.

එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඇගේ හිතවත් ශිල්පිනියක් සිදු කළ ප්‍රකාශයක් ගැනයි ඇය මෙහි සඳහන් කර ඇත්තේ.

එම සටහන පහතින් බලන්න...

කලාව....දේශපාලනය...කුහකකම....මානව අයිතිය.....
රුසියාවටත් වඩා ලොකු ඉරිසියාව....දේශප්‍රේමය....නොමිනිස්කම...
අසහනය....බල තණ්හාව.....
රට වලපල්ලට ගියත් තමාගේ වාසිය තකා කරන පාවා දීම්....
ඇතුළු බොහෝ දේ ගැන අද යමක් ලියන්නට හිතුනි....,.
මගේ මුහුණු පොතේ ඉන්නා විවිධ ජාති ආගම්,දේශපාලන මතවාදයන් නියෝජනය කරන වැදගත් මිතුරනි, පාට කණ්නාඩි නොදමා, වරදවා වටහා නොගෙන කියවන්න.....වටහා ගන්න. .
මෙවැනි ලිපියක් ලියන්නට කිසිදා නොසිතූවත්,මා කලක් වැඩිමහල් සොයුරියකට සේ සැලකූ එක්තරා වැඩිහිටි ශිල්පිනියක් ( නිළියක්. ඇගේ නමේ තේරුම "නිල් මිණක්" වුනාට කට ඇරියම ගලා එන හිස්, මුසාවන් පිරුනු වචන ගල්- බොරළු තරම්‍වත් නොවටිනා බව මට වැටහුනේ බොරුවෙන් ප්‍රේක්ෂකයා මුලා කරමින් ඇය කල සංවාදය දුටු පසුය. ),

පසුගියදා පැවැත්වූ ඇගේ සාකච්චාවක මගේ ගැනත් අනවශ්‍ය ආකාරයෙන් සදහන් කරනු කන වැකුනු නිසා සුපුරුදු පරිදි ලිය යුතු දේ ලියා තබමි. සමහරවිට ඇගේ ජීවිතයේ කතා කරන්නට තරම් වැදගත් දේවල් හෝ දෙන්නට තරම් වටිනා සමාජ පණිවිඩයක් ඇයට නොමැති නිසා ඇගේ සාකච්චාවේ, මගේ ගැන කතා කලා විය හැක.

කවදත් කියන්න තියෙන දේ කෙලින්ම කියන මා අද ද එසේ කරන්නේ කිසිදා හොරයක්, බොරුවක්, වංචාවක් , අශීලාචාරකමක් නොකරන අයට ඇති සෘජු කශේරුකාව මටද එලෙසින්ම පිහිටා ඇති නිසාය....

ඇත්තෙන්ම මෙම පණිවිඩය මට එව්වේ, මගේ ඉතාමත් හිතවත් රසිකයෙකි,මිතුරෙකි.

" අක්කෙ, මෙන්න මෙයා කියන දේ බලන්නකො...දැන් දේශපාලනයට අකමැතියි කියන්නෙ..රට අත්හැරල යනවලු. කාන්තාවන් වෙනුවෙන් කතා කරනවලු...අනේ, එයාගෙ අතීතෙ කවුද නොදන්නෙ. කාන්තාවන් ගැන කතාකරන්න කලින් හරියට වයසට ගැලපෙන ඇදුමක්වත් ඇදින්න එපැයි...ඇගෙන් බාගයක් ඇරගෙන ඇවිත් වැඩසටහන පුරාවට ඇඳුම හද හද හිටිය. ගෙදරට කොට කලිසං අදින කතා තමයි කියෙවිවෙ. වයස වහගන්න ෆුල් try එක. .මේ කතාව අහල බලන්නකො. ඔයාවත් විවෙිචනය කරල තියෙනවා...." ඔහු කියාගෙන ගියා.

" අනේ මල්ලී , කාටද ඔය බනින්නෙ ?..ඉන්න මං බලන්නම්...කවුරු මොනව කිව්වත් මම නම් ගනන් ගන්නෙ නෑ මල්ලි, පිට රටක පදිංචිව හිටියත්, රටට අවශ්‍ය වෙලාවෙ නැවත ඇවිත් ,රුපියලක්වත් මහජන මුදල් අවභාවිතා නොකර මගේ පෞද්ගලික මුදලින් රටට මට හැකි උපරිම සේවය ස්වේච්ඡාවෙන්ම කරල නැවත කිසිඳු තනතුරක්, ප්‍රතිලාභයක් නොගෙන මා ජීවත්වන ඇමරිකාවට, මගේ දරුවන් ලඟට නැවත ආපු කෙනෙක් මං. ප්‍රතිලාභ , තනතුරු අරගෙන රට විතරක් නෙමෙයි පොහොට්ටුව නාමයත් විනාශ කරන සම හරක් අතර මම නෑ....ඒ නිසා දෙපැත්තෙ ඉදන් බුරන බල්ලන්ව මම එතරම් තකන්නෙ නෑ..."මම පිළිතුරු දුන්නෙමි.

" ඔව් අක්කෙ, ඔය පිටවෙන්නෙ ඊරිසියාව, කුහකකම..ලස්සන පවුල් ජීවිතයක් ගතකරන් අක්කල ගෙවන සාර්ථක ජීවිතය බලන්න බැරි තරම. කෙටියෙන් කිව්වොත් අසහනය. අක්ක ඔික බලලම මට කතා කරන්නකෝ ".... මට හිනාත් ගියා ඔහු කියපු විදිහට....බලමු...."

වීඩියෝව දිග හැරෙනකොටම ඒ මල්ලී කියපු දේවල් ඇත්ත බව මට තේරුනා.

වගකීම් විරහිත ලෙස ප්‍රකාශයන් නිකුත් කරන, ක්‍රියාකරන, පවතින රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ට එල්ල වන මහජන අප්‍රසාදයත්, වටපිටාව වෙලාගත් කොරෝනාව හමුවේ දැඩි මානසික ආතතියකින් පෙලෙන මිනිසුන්ගේ ගැටළුත් සමඟින් ඇතැම් පාර්ශවයන්ගෙන් රජයට ඇගිලි දිගුවද්දී, තමන් කලේ දේශපාලනයක් නොව, තමා කතා කලේ කාන්තාවන් වෙනුවෙන් පමණක් බව පවසා ඇග බෙිරාගන්නට, වෙනම image එකක් හදාගන්නට එදා පොහොට්ටුව වෙනුවෙන් රට පුරා කතා කල ඒ ශිල්පිණිය දරන දැඩි උත්සාහයත්, ඒ වෙනුවෙන් ඒ නිවේදකයා කුණු රස අවුස්සමින් දෙන සහායත් පැහැදිලිව පෙණුනි.

ඇය කියන පලමුවන මුසාව ඇය එදින කතා කරන්නට ආවේ කාන්තාවන් ගැන බවය.. පසුබිම් පුවරුව දුටු ඕනෑම කෙනෙක්ට මෙය මැතිවරණ ප්‍රචාරණ මාධ්‍ය සාකච්චාවක් බව අවබෝධ වේ. ඇයට තමා සහභාගී වන්නේ කුමකටද යන්න පිළිබදව වත් අවබෝධයක් තිබී නැත. මෙතෙක් ඇගේ මුළු ජීවිතයේම වටිනාම තීරණ අනවබෝධයෙන් ගෙන ඇති ඇය, ඉතා වගකීමෙන් ලස්සන පවුල් ජීවිත ගත කරමින් සාර්ථක ජීවිත ගත කරන අපේ මත පිළිබද බලෙන් ඇගේ අදහස් දැක්වීම විහිළුවකි.

එදා දැඩි සේ කතා කරමින්, ..........ව පවා හෙලාදකිමින් ඡන්ද එකතු කරන්නට නොපැකිල කතා කල ඇය ( එම සාකච්ඡාවේ ඇය කතා කල කොටස යූ ටියුබයේ ඇත.), අද ඇගේ වගකීමෙන් ගැලවෙන්නට අතහෝදාගන්නට හදන අයුරු මට නම් හාස්‍යජනක විය.

ඇය කතා කලේ දේශපාලනය නොව ගොවියන්, කාන්තාවන්, වකුගඩු රෝගීන් ගැන පමණක් බව ඇය කියයි . ඇයට ඔවුන් ගැන එතරම් කැක්කුමක් තිබුනානම්, මා මෙන් ක්‍රියාවෙන්, මුදලින්, ශ්‍රමයෙන් වැඩකරන්නට නොහැකිවුනාද?. .

අප ඉතා කැපවීමෙන් එකතුවී වැඩකරන වකුගඩු රෝගීන් ගේ සංගමයට බැදුනා නම්, නිකන් කතා කරමින් නොසිට අවංකව එම රෝගීන් වෙනුවෙන් යමක් කරන්නට ඇයටත් හැකියාව තිබුනු බව මට සිතුනි. නැත, ඇයම එම සාකචිඡාවේ කොක් හඬලමින් කියන ලෙසට ඇයට දැන් අවශ්‍ය වන්නේ නැවත පෙලවහක් කරගෙන පැත්තකට වීමය.

ඇය හදිසි අනතුරකට මුහුණ දුන් මොහොතේ ,එවකට කඳානේ පදිංචිව සිටි මා සියල්ල පසෙකලා අවශ්‍ය රෙදි පිළි රැගෙන ගොස් කලයුතු යුතුකම් කල බව ඇයට දැන් අමතක වී ඇත . මා කල උදව් අමතක වුන එක පුදුමයක්ද,?..
ඇගේ කලින් කසාදයක සැමියා ( ගායක ) ඇය රෝහල්ගතකල දා සිට එක දිගටම ඇයට සිහි එනතෙක්ම බොහෝ අපහසුකම් මැද එතන දිවා රෑ වැටී සිටියා.නමුත් ඇය උදව් කල අනිත් අයව මතක් කරද්දී ඇයට ඔහුගේ නමත් අමතක වුනා.....හතුරෙකු වුනත් මැරෙන්න ගිය විට කරන උදව් මතක් කිරීමයි මනුස්සකම. ඔන්න ලොවට බොරු කරුණාවක් පෙන්වන " එක් මෘර්ගාංගනාවියකගේ " රළු පරළු හිත. )..

ඇගේ ජීවිතයේ සමහර චරියාවන් වලට මමද කැමති නැත. නමුත් අනුන්ගේ ප්‍රකාශ ගැන හෝ චරියාව ගැන අදාල නොමැති මත පල කිරීම ඇය මෙන් මම නොකරමි. ඇගේ කැමැත්ත අකමැත්ත අනුව මා වැඩ කලානමි, මේ වන විට මටද ඇය මෙන්ම යන එන මං නැත..

එමෙන්ම මා එම ප්‍රකාශය කරන අතරතුර ඇය වරින්වර මගේ කකුල මිරිකූ බව ඇය පවසයි. එවැන්නක් කිසිසේත් සිදු නොවුන අතර කාන්තාවකගේ කකුල මිරිකන්නට ඇයට සිතෙනවානම් එය අමුතුම ආකාරයේ මානසික ලෙඩක් බව මට සිතේ.

සත්‍ය හේතුව දන්නෝ දැන සිටියත් ඒවා විස්තරාත්මකව විවේචනය නොකරමි. මන්ද ලොරියක් පිරෙන්න ඇති ඒ කුණු ගොඩවල් අවුස්සා හතර වට ගද ගැස්සවීමට මට අවශ්‍ය නොමැති නිසාය. මේ ටිකද ලීවේ ඇය මා පිළිබද අනවශ්‍ය ප්‍රකාශ කරමින් ඉල්ලන් කෑ නිසා පමණී. අනුන් විවේචනය කරන්නට ඇය යොදවන කාලය තමාගේ පවුල වෙනුවෙන් යොදවන්නට ඇයට හැකිවුනානම් ,ඇය අද දරුවාද සමග ජීවිතයේ තනි නොවනු ඇත.

තම පෞද්ගලික ජීවිතයේ අසාර්ථකභාවය උහුලාගත නොහැකි තැන, තමන්ගේම කඳවුරේ අනුන්ට ඇගිලි දිගු නොකරමින්, විවෙිචනය නොකරමින් ,හැකි නම් පාස්කු පුහාරයෙන් අසරන වූ අපේම මිනිසුන්ට,පාසැල් වලට, රෝගීන්ට, කොරෝනාවෙන් අසරණ වූ ජනතාවට, නවක වධයට ලක්වූ අසරණ සිසුන්ට, ආයතන නගා සිටුවන්නට, හමුදා සෙබළුන්ට,කාන්තා සංවිධානවලට,දරුවන්ට, අපචාරයට ලක්වූ දියණියන්ට, මා කල සේවයෙන් දශමයක්වත් කරන්නට ඉහත කී වියපත්වුවද තාමත් සමනල් සිහින තුල සැරිසරන එම ශිල්පිණියට හැකියාව, බුද්ධිය ,වුවමනාව සහ හැදියාව පහලවෙිවා කියා පතමි.
ඔබ සැමට බුදු සරණයි , දෙවි පිහිටයි..