පාපැදියට ගොඩවුණු කඩවසම් නිරූපණ ශිල්පියා හේෂාන් මනුල කියන දේ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හේෂාන් මනුල කියන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු රංගන ශිල්පියෙක්. රංගන ක්ෂේත්‍රයේ ඒ තරම් දකින්න නොමැති වුණත් දැනට නිරූපණ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින ජ්‍යේෂ්ඨතම නිරූපණ ශිල්පියා වන්නේද ඔහුයි.

සනත් අබේසේකරගේ සිරිදළදාගමනය චිත්‍රපටයේ දන්ත කුමරු ලෙසින් ප්‍රධාන චරිතයක් හරහා සිනමාවට සම්බන්ධ වුණු හේෂාන් මනුල කලක් නිහඬව සිට නැවත රංගන ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මිනිස්සු ප්‍රවාහනයට විවිධ විකල්ප හොයාගන්නවා. ඒ අතර පාපැදිය කියන්නේ මේ දවස්වල ජනප්‍රිය ප්‍රවාහන විකල්පයක්.

හේෂාන් ඉන්ධන අර්බුදය නිසා පාපැදිය එයාගේ ප්‍රවාහන මාධ්‍ය කරගෙන. ඔහු ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමේ පළ කරලා කියා සිටියේ කාලයක් කරන්න බලාගෙන හිටපු වැඩක් ඉන්ධන අර්බුදය නිසා කරන්න වුණා කියලා.

ඔහුගේ සටහන පහත දැක්වෙනවා.

"කාලයක් තිස්සෙ කරන්න ඕනකමකින් හිටිය දෙයක්. හැමොටම පොලිම් නැතුව සාමාන්‍ය විදියට ඉන්දන ලැබෙන්න ඕනෙ ඉක්මනටම. අපි එකමුතු වෙමු.