පරණ රහටම හැදුන සුනිල් පෙරේරාගේ අන්තිම සින්දුව ’ගාලුපාරේ’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුනිල් පෙරේරා එහෙම නැතිනම් ජිප්සීස් සුනිල් කියන්නේ අපේ රටේ බාල මහලු සියළු දෙනාගේ ආදරය දිනාගත් දැවැන්ත චරිතයක්. ජිප්සීස් සංගීත කණ්ඩායම සමග දශක ගණනාවක්ම සුනිල් පෙරේරා මෙරට ගීත ලෝලීන්ව ආදරයෙන් ආමන්ත්‍රණය කළා. ඇත්තටම ජිප්සීස් සුනිල් කියන්නේ ලංකාවේ ගීත කලාවේ සලකුණක්. කෙසේ නමුත් පසුගිය වසරේදී ආදරණීය සුනිල් අයියා දිවියෙන් සමුගන්නවා.

සුනිල් පෙරේරා ජීවත්ව සිටින කාලයේදී හැදුනු ඔහුගේ අවසන් ගීතය 'ගාලුපාරේ' ගීතය පසුගිය දා අන්තර් ජාලයට මූදා හැරුණා. 'ගාලුපාරේ' ගීතය මීට වසර හයකට පමණ පෙර සිට නිර් මාණය වෙමින් තිබුණු ගීතයක්. ජිප්සීස්ලාගේ පැරණී ගීතවල රහ සහ මිහිර ගාලු පාරේ ගීතයේත් ඒ විදිහටම තිබෙන බව නම් කියන්නම ඔිනේ. මේ ගීතයේ පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු විසින් සිදු කර තිබෙන අතර සංගීතය දුෂාන් ජයතිලක විසින් සිදු කර තිබෙනවා. ගීතයේ රූප රචනය ඇනිමේෂන් තුළින් සිදු කර තිබෙන්නේ ලංකාවේ නම ලෝකයට ගෙනගිය Randy Chriz (රැන්ඩි ක්‍රිස්) විසින්. ඒ ‌වගේම මේ ගීතයේ රූප රචනාව තුළ ජිප්සීස් කණ්ඩාය‌මේ පැරණි ගීතවල මතකයන්ද එක් කොට තිබෙනවා. 

එම ගීතය පහතින් නරඹන්න..