ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගැන පැතිරෙන කතාවලට දියණියගෙන් සැර පිළිතුරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍යයක් බව ජැක්සන්ගේ දියණිය පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි දියණිය මාධවී වත්සලා මේ බව සඳහන් කර ඇත්තේ.

"...පේජ් කට්ටිය, බොරු පෝස්ට් ශෙයා නොකර ඉන්න ප්ලීස්!"

රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සැත්කමකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පසුගියදා (02) අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී , ජැක්සන් ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී මෙම අනතුර සිදුවුණා.

අනතුරින් ජැක්සන් ඇන්තනි මහතා සමග ගමන් ගත් තවත් දෙදෙනෙකු බරපතල තුවාල සිදුවුණා.