ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරිගේ මතක අවදි කළ සුදු මැණිකේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි ජීවන රඟ මඬලින් සමුගෙන ඊ වසරක් සපිරෙනවා. ඔහු කලක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටයි එලෙස දිවිගමන නිම කළේ. වේදිකාවේත්, පුංචි තිරයේත් අපුරු චරිත මැවූ ඔහු නික්ම ගියද සදා මතකයේ රැඳෙන සොඳුරු රංගන ශිල්පියෙක්. හිරු ටීවිහි විකාශය වන 'රැල්ල වෙරළට ආදරෙයි' ටෙලි නිර්මාණය හරහා අපේ ආලින්දයට පැමිණි ඔහු, සුදු මැණිකෙට නම් කිසිදා අමතක කළ නොහැකි චරිතයක්. සුදු මැණිකෙ එහෙමත් නැත්නම් අමන්දා ජයරත්න ඔහුගේ මතක ගැන ආවර්ජනය කර තිබුණේ මෙලෙසින්.

"ආදරණිය සරත් තාත්තේ ඔයා අපි අතරින් ගිහින් දැන් අවුරුද්දක් වෙනවා අදට. මම ආදරේට කියන්නේ සරත් තාත්තා කියලා තාත්තා කෙනෙක් වගේ ගොඩක් උපදෙස් දුන්නා ඒවා කවදාවත්ම අමතක නැ ගොඩක් ආදරෙයි ඉන්න තැන පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි...."