ප්‍රසන්නගේ ගාඩි ඉන්දියාවේ පෙන්නයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රසන්න විතානගේගේ නවතම සිනමා නිර්මාණය වන ‘ගාඩි’ චිත්‍රපටය ඉන්දියාවේ චෙන්නායි හිදී ප්‍රදර්ශනය කර තිබේ. පෞද්ගලික දර්ශනයක් ලෙස ගාඩි චෙන්නායි හිදී තිරගත කොට තිබේ. එම අවස්ථාවට චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ගාඩි චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී සම්මානයටද පාත්‍ර වුණු චිත්‍රපටයකි. කෙසේ නමුත් ගාඩි චිත්‍රපටය තවම ලංකාවේ ප්‍රදර්ශනය අරඹා නොමැති අතර ඉදිරියේදී තිරගත කිරීමට බලාපොරොත්තු වන චිත්‍රපටයකි.