මගේ ජීවිතේ හොදම යාලුවා, මගේ හැමදේම මුලින්ම කියන්නෙ එයාට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුරංග සතරසිංහ, සංගීත් සතරසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ හැමෝගේම ආදරය දිනාගත් රංගන ශිල්පීන් දෙදෙනෙක්. සුරංග සතරසිංහ ලංකාවේ රේඩියෝ නාට්‍ය කලාවේ හාස්‍යයෝත්පාදක රංගන ශිල්පියෙක් වගේම පසුකාලීනව ටෙලි නාට්‍ය හරහාද ඔහු විශාල ලෙසින් ජනප්‍රියට පත් වුණා. නමුත් ඔහුගේ පුතා සංගීත් සතරසිංහ හාස්‍යයෝත්පාදක රංගන ශිල්පියෙක්ට එහා ගිහින් තමන්ගේ ගමන නිර්මාණය කරගත්තා. මේ දවස්වල නම් සතරසිංහ පවුල එකතු වෙලා යූ ටියුබ් නාලිකාවක්ද පටන්ගෙන තිබෙනවා.

ඉතින් පසුගිය දිනෙක සුරංග සතරසිංහගේ උපන්දිනය යෙදී තිබුණා. තමන්ගේ ආදරණීය තාත්තාට සංගීත් සුභ පතා තිබුණේ ආදරණීය සටහනක් සමගින්.

එම සටහන පහතින්.

“මගේ ජීවිතේ හොදම යාලුවා, මගේ හැමදේම මුලින්ම කියන්නෙ එයාට මොකද හැමදේම එයාගෙ කරගෙන අහන නිසා. මන් වැටෙන හැම වෙලාවෙම උස්සලා තියපු, හරි වැරැද්ද හරියට තෝරගන්න කියලා දීපු, මගේ හයිය, කවදාවත් වෙනස් නොඋන අසමාන ආදරය. තාත්ති ඔයාට සුභම සුභ උපන්දිනයක්. ආදරෙයි.”